අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඊයේ කතානායකවරයාට බාර දුන්නා. අත්සන් 55 කින් සමන්විත විශ්වාසභංගය කතානායකට බාර දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා. හැබැයි ඔහු මේ විශ්වාසභංගයට අත්සන් ඇරේ නෑ.
මේ ගැන දේශපාලන වේදිකාවේ වගේම ජනතාවත් කතා කාන්න පටන් ගත්තා. විශ්වාසභංගය බාර දුන්න කෙනා ඇයි ඒකට අත්සන් කරේ නැත්තේ කියලා. ඊයේ තිබ්බා මාධ්‍ය හමුවකදී ඩලස් අලහපෙරුම මන්ත්‍රීවරයා එකට හේතුව පැහැදිලි කරා.
“අපි එතුමාගෙන් කළ ඉල්ලීමක් අනුවයි ඔහු අත්සන් නොකළේ. ඔහු අපේ ගෞරවනීය නායකයා. ඔහුගේ අත්සන ඉතා වැදගත් එකක්. එය අපි අවශ්‍යම වෙලාවට විතරක් ගන්නවා. පෙබරවාරි 10 වෙනිදා විශ්වාසභංගයට නායකත්වය දුන්නේ එතුමායි. එක ජනතාව ගෙනාපු විශ්වාසභංගයක්. මේ එහි දෙවෙනි ඉනිම.” කියලයි ඩලස් මන්තිතුමා කිව්වේ.