News Line| Off Air
Generic placeholder image

Mar
22

මැතිව්ස් යළි පිටියට, දිමුත්ට නායකත්වය. සිංහයන් මුහුණට මුහුණ ගැටෙන ඊලග සුපිරි තරගාවලිය මෙන්න.

2056 Views


මැතිව්ස් යළි පිටියට, දිමුත්ට නායකත්වය. සිංහයන් මුහුණට මුහුණ ගැටෙන ඊලග සුපිරි තරගාවලිය මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් සුපිරි ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරලා තියෙනවා. ඒ සුපිරි පළාත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය. මේ තරඟාවලිය මාර්තු 30 වෙනිදා ආරම්භ වෙන්න නියමිතයි. කොළඹ, ගාල්ල, නුවර සහ දඹුල්ල කණ්ඩායම් තමයි මේ තරඟාවලියට තරඟ කරන්නේ.

මයි හා ජුනි මාස වල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය හා ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අරමුණු කරගෙන තමයි මේ තරඟාවලිය පවත්වන්නේ. තරඟාවලිය සහභාගී වෙන සෑම කණ්ඩායමක්ම අනිත් කණ්ඩායම් සමඟ එක තරඟය බැගින් ක්‍රීඩා කරනවා. ඒ වගේම ඉන් එක තරඟයක් දිවා රාත්‍රී තරඟ විදියට තමයි පවත් වන්නේ.

ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර දඹුල්ලේදී පැවැත්වෙන තරගයත්, මහනුවර සහ කොළඹ කණ්ඩායම් අතර හම්බන්තොටදී පැවැත්වෙන තරගයත් රෝස පැහැති පන්දුව යොදාගෙන දිවා රාත්‍රී තරඟ විදියට පවත්වන්න නියමිතයි. දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්‌ඩායමට , සුරංග ලක්මාල් ගාල්ල කණ්‌ඩායමට, ඇන්ජලෝ මැතිව්ස් නුවර කණ්‌ඩායමට හා දිමුත් කරුණාරත්න දඹුල්ල කණ්‌ඩායමට නායකත්වය දෙනවා.

2016 දී ටෙස්ට් තරඟ වලට සමුදුන්න තිසර පෙරේරා මේ තරඟාවලිය එක්වීම විශේෂයි. ඒ වගේම අබාධයකට ලක්වෙලා හිටිය ඇන්ජලෝ මැතිව්ස්, ෂෙහාන් මදුශංක සහ අසේල ගුණරත්නත් මේ තරඟාවලියට ක්‍රීඩා කරන්න නියමිතයි.

මේ තියෙන්නේ සුපිරි පළාත් සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ කාල සටහන.

■ මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා – දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාප ක්‍රීඩාංගණයේදී
■ මාර්තු 30 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා – කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා – ගාල්ල කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (දිවා-රාත්‍රී)
■ අප්‍රේල් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා – මහනුවර කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (දිවා-රාත්‍රී)
■ අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා – දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
■ අප්‍රේල් 21 වැනිදා සිට 24 වැනිදා දක්වා – ගාල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

සුපිරි කණ්ඩායම් 4 නියෝජනය කරන ක්‍රීඩකයින්.

ගාල්ල කණ්ඩායම
සුරංග ලක්මාල් (නායක), දසුන් ශානක (උප නායක), ළහිරු මිලන්ත, රුමේෂ් බුද්ධික, පබසර වඩුගේ, එස්. අශාන්, ඔසද ප්‍රනාන්දු, රොෂේන් සිල්වා, පී.සී. ද සිල්වා, ජේ. ලියනගේ, ලක්ෂිත මධුෂාන්, සදීර සමරවික්‍රම, අකිල ධනංජය, මාධව වර්ණපුර, මොහොමඞ් දිල්ෂාඞ්, උපුල් තරංග, මාලින්ද පුෂ්පකුමාර, නිසල තාරක, නිෂාන් පීරිස්, ධනංජය ලක්ෂාන්, අෂේන් බණ්ඩාර, වරුණ වරාගොඩ මහතා (කළමණාකරු), හෂාන් තිලකරත්න මහතා (ප්‍රධාන පුහුණුකරු)

මහනුවර කණ්ඩායම
ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), නිරෝෂන් දික්වැල්ල (උප නායක), පැතුම් නිස්සංක, ප්‍රියමාල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ප්‍රභාත් ජයසූරිය, අසේල ගුණරත්න, තරංග පරණවිතාන, මිනෝද් භානුක, චාමර කපුගෙදර, චාමික කරුණාරත්න, ජීවන් මෙන්ඩිස්, ළහිරු කුමාර, රමේෂ් මෙන්ඩිස්, මහේෂ් උඩවත්ත, සචිත් පතිරණ, කසුන් රාජිත, ළහිරු සමරකෝන්, ජෙහාන් ඩැනියෙල්, හසිත බෝයගොඩ, මලින්ද වර්ණපුර මහතා (කළමණාකරු), පියල් විජේතුංග මහතා (ප්‍රධාන පුහුණුකරු)

දඹුල්ල කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් ජනිත් පෙරේරා (උප නායක), නිපුන් කරුණානායක, මිලින්ද සිරිවර්ධන, කුසල් මෙන්ඩිස්, කේ.ටී.එච්. රත්නායක, සචිත්‍ර සේරසිංහ, ළහිරු ගමගේ, සංගීත් කුරේ, අශාන් ප්‍රියංජන්, රංගන හේරත්, ඉෂාන් ජයරත්න, චානක කොමසාරු, අසිත ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩසේ, සචිත්‍ර සේනානායක, ෂෙහාන් මධුෂංක, හිමේෂ් රාමනායක, රෂ්මික දිල්ෂාන්, නිෂාන් මධුෂ්ක, විනෝදන් ජෝන් මහතා (කළමණාකරු), සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා (ප්‍රධාන පුහුණුකරු)

කොළඹ කණ්ඩායම
දිනේෂ් චන්දිමාල් (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කෞෂාල් සිල්වා, ශෙහාන් ජයසූරිය, ළහිරු තිරිමාන්න, ප්‍රිමෝෂ් පෙරේරා, චාමර සිල්වා, ඇන්ජෙලෝ පෙරේරා, ලසිත් අබේරත්න, එල්.යූ. ඉහළගමගේ, වනිඳු හසරංග, තිසර පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, දිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, දුෂ්මන්ත චමීර, විශ්ව ප්‍රනාන්දු, කේ. අංජුල, කමිඳු මෙන්ඩිස්, නිපුන් මාලිංග, චරිත් සේනානායක මහතා (කළමණාකරු) සහ අවිෂ්ක ගුණවර්ධන මහතා (ප්‍රධාන පුහුණුකරු)


News Articles
Latest Videos
Most Popular Post