News Line| Off Air
Generic placeholder image

Mar
22

ලාහෝර් ක්‍රිකට් පිටියේ වැසි ජලය ඉවත් කරන්න හෙලිකොප්ටර් දෙකක් කැඳවයි. – Video

824 Views


ලාහෝර් ක්‍රිකට් පිටියේ වැසි ජලය ඉවත් කරන්න හෙලිකොප්ටර් දෙකක් කැඳවයි. – Video

පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේ අවසන් වටයේ තරඟයක් ඊයේ පැවැත් වුණා. ඒ Karachi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර. තරඟය පැවැත්වුන ලාහෝර් ක්‍රීඩාංගණයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ නිසා තෙමුණ තණතිල්ල වේල ගන්න පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් අපූරු උපක්‍රමයක් භාවිතා කළා.

ඒ හෙලිකොප්ටර් යානා දෙකක් ගෙන්නලා පිටිය වේලුවා. එක හෙලිකොප්ටරයක් පන්ජාප් ප්‍රාන්ත රජයෙන් සහ පාකිස්ථාන ගුවන් හමුදාවෙන් තමයි මේ ගුවන් යානා දෙක ගෙන්නලා තිබ්බේ. මිට කලිනුත් පාකිස්තානය මේ වැඩේ කරලා තිබ්බා. ඒ 1996 පාකිස්තානයේ තිබ්බ තරඟ 2 කදී ක්‍රීඩාංගනය වේලා ගන්න.

හෙලිකොප්ටර් මඟින් ක්‍රීඩාංගණය වේලන එක මිට කලින් ඔස්ට්‍රේලියාවත් අත්හදා බලලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙත් 1992 ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍ර්ලියා කණ්ඩායම අතර තිබ්බ තරඟයකටත් මේ උපක්‍රමය භාවිතා කළා. ලාහෝර් පිටියේදී තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණේ. ඒ නිසා එක පාරටම ක්‍රීඩාංගණයට හෙලිකොප්ටර් දෙකක් අපු නිසා ප්‍රේක්ෂකයින් ටිකක් කලබල වුණා.


News Articles
Latest Videos
Most Popular Post