News Line| Off Air
Generic placeholder image

Mar
22

වික්ටර් රත්නායක ජෝතිගේ, මිල්ටන්ගේ ගී ගයන්න ලෑස්ති වෙයි.

1188 Views


වික්ටර් රත්නායක ජෝතිගේ, මිල්ටන්ගේ ගී ගයන්න ලෑස්ති වෙයි.

මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රවිනම ගායකයා වික්ටර් රත්නායක මහතා. ශ්‍රී ලංකාවේ ගීත කලාවට ඔහු අතින් වුන සේවය අතිමහත්. “ස” ප්‍රසංග 1500 ක් ඔහු පැවැත්වුවා. හැබැයි දැන් ඔහු “ස” ප්‍රසංගය නවත්වලා තියෙනවා.

වික්ටර් රත්නායක මහතා අමරදේව, ජෝතිපාල, මිල්ටන් පෙරේරා, ෆ්‍රෙඩී සිල්වා වැනි ප්‍රවීන ගායක ගායිකාවන්ට ගීත සංගීතවත් කරලා තියෙනවා. ඒ වගේම
ඔවුන් වික්ටර් රත්නායක වෙනුවෙන් ගීත නිර්මාණය කරලා තියෙනවා. ඒ අය වෙනුවෙන් උපහාර දක්වන්න අපූරු ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ “සරස – මගේ නොවන මගේම ගී” නමින්.

ප්‍රසංගයේ මුල් භාගයේදී නැසීගිය සංගීතඥයින් වික්ටර් රත්නායක වෙනුවෙන් නිර්මාණය කළ ගීත ගායනා කරනවා. අවසන් භාගයේදී ඔහුගේ තනු වලට මියගිය ගායක ගායිකාවන් ගයනා කළ ගීත ගායනා කරනවා. වික්ටර් රත්නායක මහතා කියන විදියට ඔහු මේ ප්‍රසංගය පවත්වන්නේ එක සැරයක් විතරයි.
ඒ නිසා ඔහුගේ මේ අලුත් වැඩේ බලා ගන්න නම් මාර්තු 22 දා හවස 7 ට BMICH එකට යන්නම වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post