News Line| Off Air
Generic placeholder image

Mar
23

ලග්න තුනකට කලා කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

1006 Views


ලග්න තුනකට කලා කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද 2018 මාර්තු මස 23 වනදා 
රාහු කාලය: දිවා කාලය උදෑසන 10.46 සිට දහවල් 12.17 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.48 සිට අලුයම 12.17 දක්වා 
සුභ දිශාව: උතුර 
මරු සිටින දිශාව: ගිනිකොණ  

 

මේෂ ලග්නය

අනවශ්‍ය වියදම් වලින් ප්‍රවේසම් විය යුතු දිනයකි. බැහැර ගමන් බිමන් යෙදෙන දිනයකි. කලා කටයුතු වලටද සුභ දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වීමට  දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වල යහපත් වර්ධනයක් ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                    ජය අංකය: 06

වෘෂභ ලග්නය

සෞම්‍ය සිතුවිලි වර්ධනය වන උසස් අදහස් මතුවන දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන දිනයකි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු පිළිබඳව වෙනදට වඩා උනන්දුවක් දක්වන දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කිරීම හා  කල්පනාකාරී වීම ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙවි.
ජය වර්ණය: ලා කහ පැහැය                                                ජය අංකය: 03

මිථුන ලග්නය

මහන්සියෙන් වැඩ කරන දිනයක් වන මුත් ප්‍රතිඵල නම් එතරම් යහපත් නොවෙයි. වෙනදට වඩා  කාර්යබහුල වන දිනයකි. මානසික පීඩා ඇතිවිය හැකි දිනයකි. කල්පනාකාරීව දිනය ගත කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                    ජය අංකය: 06

 

කටක ලග්නය

ඔබ අපේක්ෂා කරන බොහෝ කටයුතු පහසුවෙන් කරගත හැකි දිනයකි. කලා කටයුතු වලට මෙන්ම අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඔබට වඩාත් සුභ දිනයකි. කොන්ද හා තුනටිය ආශ්‍රිතව රෝග ඇතිවිය හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                          ජය අංකය: 06

සිංහ ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු අසර්ථක වන දිනයකි. කළා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව හා වඩාත් ඉවසිලිවන්තව වැඩ කටයුතු කළයුතු දිනයකි. ආර්ථිකය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                        ජය අංකය: 09

කන්‍යා ලග්නය

පෙර පින ඉස්මතු කරගැනීමේ වාසානාව පවතින දිනයකි. සතුරන් මර්දනය කරගෙන යහපත් අයුරින් දවස ගත කිරීමේ වාසනාව ඇත. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය                                       ජය අංකය: 09

 

තුලා ලග්නය

බොහෝ කටයුතු වලදි ජයග්‍රහණ වෙනුවට සිත් තැවුල් ඇතිවීමට ඉඩ ඇති දිනයකි. නමුත් සාර්ථක වීමේ හැකියාවද පවතින දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. අයහපත් දේට යොමු නොවන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ප්‍රවේසම් වීම වැදගත්. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා කහ පැහැය                                      ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

හවුල් ව්‍යාපාර කටයුතු වලට මෙන්ම විවාහ කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. මතභේද වලින් තොරව දිනය ගත කරන්න. අන් අය සමඟ වැඩ කටයුතු කිරීමේදී කෝපය පාලනය කරගත යුතු දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා  කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                            ජය අංකය: 08

 

 

ධනු ලග්නය

ආහාර ගැනීමේදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. කාර්යබහුල විය හැකි දිනයකි. නමුත් කල්පනාකාරීව වැඩ කරන්න.  නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි. පිළිවෙලකට අනුව වැඩ කිරීම මගින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කහ  පැහැය                                                  ජය අංකය: 06

 

මකර ලග්නය

කලා කටයුතු වලට නම් ඉතාම යෝග්‍ය දිනයකි. අලුතින් ආරම්භ කරන කටයුතු උනන්දුවෙන් කිරීමට වග බලාගන්න. නිසි සැලසුම් සහිතව කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ආගමනුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා දම් පැහැය                                ජය අංකය: 06

 

 

කුම්භ ලග්නය

සෙම් රෝග වලින් පීඩා අතිවියබ් හැකි දිනයකි. ජීවිතයට නව බලාපොරොත්තු ඇතිවන සුභ දිනයකි. ඔබ කරන කියන දේවල් වලට අන් අයගේ වැඩි ආකර්ෂණය වන සුභ දිනයකි. නව අදහස් පහල වන සුභ දිනයකි. කෙසේවුවත් නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න.
ජය වර්ණය: රෝස පැහැය                                               ජය අංකය: 06

 

 

මීන ලග්නය

කලා කටයුතු වලට ඉතාම යෝග්‍ය දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. අන් අයගේ උපදෙස් අනුගමනය කිරීම ඔබට වඩාත් යහපත් තත්වයන් උදාකරන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: විසිතුරු පැහැය                                            ජය අංකය: 07
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක 
දුරකථන: 076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post