Facebook Account වල ආරක්ෂාව ගැන මේ දවස්වල ගොඩක් කතා වෙනවා. ඒ ඇමෙරිකානු ජනාධිපතිවරණයට තොරතුරු ගන්න Facebook ගිණුම් මිලියන 50 ක් දත්ත පරිශීලනය කර බව හෙලිවුන නිසා. ඒ අතරේ මේ දවස්වල Facebook ගිණුම ආරක්ෂිතද කියලා බලා ගන්න ක්‍රමයක් ගැන Facebook එකේ Share වෙනවා.
මේ ප්‍රවෘත්තියේ තියෙන්නේ Facebook එකේ “BFF” කියලා Comment කරාම Animation එකක් අවොත් ඔබේ ගිණුම ආරක්ෂිතයි කියලා. එහෙම නොවුනොත් ඔබේ Facebook ගිණුම Hack කරන්න පුළුවන් කියලා. හැබැයි මේ පුවත බොරුවක්.
ඔබ ව එකේ “Congratulation” කියලා Comment කලොත් ලස්සන Animation එකක් එනවා දැකලා ඇති. මේකත් ඒ වගේම Animation එකක්. BFF කියලා කියන්නේ Best Friends Forever කියන එක. ඉතින් ඔබ BFF කියලා comment කරාම ලස්සන Animation එකක් ඔබේ wall එකේ බලා ගන්න පුළුවන්.