News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
23

ලංකාවට කැසිනෝ බෝ කරන්න හැදූ ජේම්ස් පැකර්ට පිස්සු හැදෙයි.

717 Views


ලංකාවට කැසිනෝ බෝ කරන්න හැදූ ජේම්ස් පැකර්ට පිස්සු හැදෙයි.

ජේම්ස් පැකර් කියන නම පහුගිය කාලයේ ලංකාවට හොඳට හුරුපුරුදු නමක්. හැබැයි ලෝකයට නම් මේ නම ඉතාම සාමාන්‍ය එකක්. ජේම්ස් පැකර් එහෙම නැත්නම් කැසිනෝ රජු කියන්නේ. ලෝකයේ ලොකුම කැසිනෝ ව්‍යාපාරිකයා. පහුගිය රජය සමයේදී ජේම්ස් පැකර් ලංකාවෙත් කැසිනෝ කලාපයක් බිහිකරන්න හැදුවා.

හැබැයි අලුත් ආණ්ඩුවෙන් ඒ සියල්ල අවලංගු කරා. ඕස්ට්‍රේලියානු කෝටිපතියෙක් වුන ජේම්ස් පැකර් ‘ක්‍රවුන් රිසෝර්ට්ස්’ කියන කැසිනෝ සමාගමේ අයිතිකාරයා. හැබැයි කැසිනෝ රජු තමන්ගේ සමාගමේ සියලුම වගකීම් වලින් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඒ ඔහුට තියෙන මානසික ව්‍යාධිය නිසා.

ක්‍රවුන් රිසෝර්ට්ස්ව්‍ ව්‍යාපාරයේ කොටස්වලින් 50% කට මඳකට අඩු ප්‍රමාණයක් ජේම්ස් පැකර්ට අයිතියි. දෙවරක්ම දික්කසාද වුන පැකර් 2016 දී ඇමෙරිකානු ගායිකා Mariah Carey සමඟ විවාහ ගිවිස ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post