News Line| Off Air
Generic placeholder image

Mar
23

“මට ඉස්කෝලේ යන්න ආසයි. ඒත් ලොකු සර් බනිනවා” – අම්මාගේ වරද නිසා දියණියට පාසලෙන් ලැබුණු දඩුවම.

1014 Views


“මට ඉස්කෝලේ යන්න ආසයි. ඒත් ලොකු සර් බනිනවා” – අම්මාගේ වරද නිසා දියණියට පාසලෙන් ලැබුණු දඩුවම.

HIV AIDS ගැන සමාජයේ තියෙන්නේ එච්චර හොඳ අදහසක් නෙවෙයි. එකට හේතුව HIV AIDS ලිංගාශ්‍රිත රෝගයක් නිසා. ලංකාවේ සමහර මෝඩ මිනිස්සු හිතන් ඉන්නේ HIV AIDS අසාදිත රෝගියෙක් ළඟ හිටියත් AIDS බෝවෙනවා කියලා. ඒ වගේ මෝඩ මිනිසුන් නිසා පිඩා විඳින කුඩා දැරියක් ගැන අපිට ආරංචි වුනා.

ගම්පහ ගනේමුල්ලේ ජීවත්වෙන මේ දැරියගේ මව HIV AIDS අසාදිත රෝගියෙක්. හැබැයි දැරියට නම් රෝගය අසාධනය වෙලා නෑ. එත් දැරියගේ පාසලේ ගුරුවරු,ළමයි සහ ළමයින්ගේ දෙමව්පියන් දරුවාට කරදර හිරිහැර කරනවා. වඩාත් නරකම දේ තමයි පාසලේ විදුහල්පතිවරයාත් දැරියට හිරිහැර කරන එක. මේ නිසා දැරිය පාසල් යන්නේ ලොකු පිඩනයකින්.

මේ ප්‍රශ්නය නිසා රන්ජන් රාමනායක ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් දැරියට ආයෙත් පාසල් යන්න අවස්තාව හදලා දුන්නා. එත් අයෙත් සැරයක් විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරු මේ දැරියට හිරිහැර කරන්න පටන් අරන්.දැරිය මේ කරදර ගැන කියලා ජනාධිපතිවරයාට ලියුමකුත් ලියලා තියෙනවා.

“ලොකු සර්, ලොකු ටිවී එකක් ගෙනත් ගිය අවුරුද්දේ වුණු දේවල් පෙන්නුවා. ළමයි එතකොට කිව්වා අන්න ඔයාගේ ඒඩ්ස් කතාව කියල. මට ඇඬුනා. මම ඉස්කෝලේ යන්න ආසයි නමුත් ලොකු සර් මට හෙණ ගහන්න ඕනෑ කියලා කියනවා,” කියලා දැරියට පාසලේ වෙන කරදර ගැන හඬමින් කිව්වේ එහෙමයි.

රටේ දරු සම්පත හරි මඟ යවන්න ඉන්න ගුරුවරුම මේ වගේ අන්ධයින් විදියට කටයුතු කරද්දී සාමාන්‍ය ජනතාව ගැන කවර කතාවක්ද.


News Articles
Latest Videos
Most Popular Post