News Line| Off Air
Generic placeholder image

Mar
23

ක්‍රිකට් ගුරුන්ට, නවසිලන්ත පන්දු යවන්නන්ගෙන් අමතක නොවන පාඩමක්. – Video

494 Views


ක්‍රිකට් ගුරුන්ට, නවසිලන්ත පන්දු යවන්නන්ගෙන් අමතක නොවන පාඩමක්. – Video

එංගලන්තය කියන්නේ ලෝකයට ක්‍රිකට් හඳුන්වලා දුන්න රට. ඒ නිසා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම කවදත් හිටියේ හරි ආඩම්බරයෙන්. හැබැයි ක්‍රිකට් ගුරුන්ට අමතක නොවන පාඩමක් උගන්වන්න නවසිලන්ත පන්දු යවන්නන් ඊයේ සමත් වුණා.

ඒ ඕක්ලන්ඩ් හි තිබ්බ නවසීලන්තය සහ එංගලන්තය අතර ටෙස්ට් තරඟයේදී. මුලින්ම පන්දුවට පහර දුන්න එංගලන්ත කණ්ඩායම ලකුණු 58 කට දවා ගන්න නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති සමත් වුණා. ඒ සඳහා ඔවුන් දෙදෙනාට වැය වුණේ පන්දුවාර 20 ක් විතරයි. එංගලන්තයේ පලවෙනි කඩුලු 9 ලකුණු 29 කට බිඳ වැටුණා.

අවසන් කඩුල්ලට ඕවර්ටෝන් ලකුණු 33 ක් ලබාගෙන එංගලන්තයේ විළි වහගන්න සමත් වුණා. සුපිරි පන්දු යැවීමක නිරත වුණ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 6 ක් දවා ගත්තා. ඔහුට නොදෙවිනි පන්දු යැවීමක නිරත වුණ ටිම් සවුති කඩුලු 4 යි.

මේ තියෙන්නේ එංගලන්තයේ පිතිකරුවන් නවසිලන්ත පන්දු යවන්නන් හමුවේ දණින් වැටුන හැටි.

https://streamable.com/gewzt


News Articles
Latest Videos
Most Popular Post