News Line| Off Air
Generic placeholder image

Mar
24

අද සතුට සහ අසතුට අතර දෝලනය වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

897 Views


අද සතුට සහ අසතුට අතර දෝලනය වන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මාර්තු 24 වන සෙනසුරාදා  
රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.15 සිට උදෑසන 10.48 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.19 සිට 10.48 දක්වා 
සුභ දිශාව: බස්නාහිර 
අසුභ දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

ධනය හා ජයග්‍රහණයන් ඉතාම සුභ දිනයකි. පවුලේ සමගිය ඇතිවන සතුරු කරදර දුරුවන දිනයකි. නමුත් ඔබේ වියදම් පිළිබඳව වඩාත් සැළකිල්ලෙන් කටයුතු කළයුතු දිනයකිරැකියා හා ව්‍යාපාර කටයුතු වලදී තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. සෞඛ්‍ය පීඩා තිබේනම් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                             ජය අංකය: 06

වෘෂභ ලග්නය

සිතෙහි සතුටට බාධා පැමිණෙන දිනයකි. එබැවින් ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. තරුණ ඔබ තනි තීරණ මත පමණක් කටයුතු කිරීම ඔබට අනවශ්‍ය කරදර ගෙන දෙයි. වැඩිහිටි උපදෙස් පිළිපදින්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. නිහතමානිව මෙන්ම කල්පනාකාරීව දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රෝස පැහැය                                                            ජය අංකය: 03

මිථුන ලග්නය

සුභ දේ මෙන්ම අසුභ දේද සිදුවිය හැකි දිනයකි. රැකියා හා ව්‍යාපාර වලින් ලාභ ලබාගත හැකි දිනයකි. ඔබේ බලය පෙන්වීම මගහැර සිත පාලනය කරගත යුතු දිනයකි. රැකියා හා අධ්‍යාපන, ව්‍යාපාර කටයුතු වලටද සුභයි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                         ජය අංකය: 03

 

කටක ලග්නය

මුදල් භාවිතයේදී වඩාත් ප්‍රවේසම් වියයුතු දිනයකි. අරපිරිමැස්මෙන් කටයුතු කල යුතුයි. වියදම් පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්න. පිනට දහමට වැඩියෙන් යොමුවන යොමුවන දිනයකි. කායික ශක්තිය වැඩිවන දිනයකි. සතුරු කරදර යටපත් වන ඔබ සමාජයේ කීර්ති නාමය ලැබෙන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. ගමන් බිමන් වලදී ප්‍රවේසම් වන්න.
ජය වර්ණය: සුදු පැහැය                                                 ජය අංකය: 05

සිංහ ලග්නය

මුදල් ලාභ ලැබෙන දිනයකි. නමුත් වියදම පිළිබඳවද සැලකිලිමත් විය යුතු දිනයකි. ගනුදෙනු වලින් වැඩි වාසි ලැබෙන දිනයකි. නෑ හිත මිතුරන්ගේ ගරු සැලකිලි ලැබෙන දිනයකි. තාරාතිරම අනුව කීර්තිය හා නම්බු නාම ලැබෙන දිනයකි. නමුත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු  දිනයකි. ආගමානුකුලව දිනය  කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                  ජය අංකය: 08

කන්‍යා ලග්නය

සෑම අතින්ම ඔබේ බලාපොරොත්තු ඉටු වන දිනයක් වන අතර තමන්ගේ අගය අන් අය අතර වැඩි වන ගෞරවය ලැබෙන දිනයකි. එක් කරුණක් හැරෙන්නට අනෙක් සෑම අතින්ම ඔබට වඩාත් සුභ දිනයකි. මවට පියාට කාලගුණ සළකන්න. සමාජ ඇසුරේදී නම් වඩාත් ප්‍රවේසම් විය යුතුයි. නමුත් වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

කල්පනාකාරීව හා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. හදිසි අනතුරු ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රවේසමෙන් කටයුතු කරන්න. සිතෙහි සැනසීමට බාධා ඇතිවන දිනයකි. සතුරු  කරදර ඔබට වාසි ගෙන දෙයි.  නමුත් නොගැළපෙන ක්‍රියා හා නොගැලපෙන පුද්ගලයින් ආශ්‍රය තුල ඔබ බොහෝ කරදරයට පත්විය හැකි දිනයකි. එබැවින් තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය                                                    ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

රැකියා හා ව්‍යාපාර කටයුතු කරන යට මෙන්ම කෘෂිකාර්මික කටයුතු වල නියලෙන්නන්ටද ආදායම් තත්වය යහපත් වන දිනයකි. සැප පහසුව දිනය ගත කිරීමට අවකාශ ලැබෙන දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී  වන්න. සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනිවාර්යෙන්ම පිළිපදින්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය                                               ජය අංකය: 01

 

 

ධනු ලග්නය

සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. නිසැකවම ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. ආගන්තුක සත්කාර මෙන්ම පිළිගැනීමද නොමදව ලැබෙන දිනයකි. සිතට මෙන්ම කයටද සැප පහසුවක් දැනෙන දිනයකි. උනන්දුවෙන් කටයුතු කර ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල ලබාගත හැකි දිනයකි.  උසස්වීම් මෙන්ම අයිතිවාසිකම් හිමිකරදෙන දිනයකි. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැය                                             ජය අංකය: 04

 

මකර ලග්නය

නමුත් ඔබට වැඩි වෙහෙසක් දැනෙන දිනයකි. වියදම් වලදී වඩාත් කල්පනාකාරී වන්න. ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දිනයකි. දිනය වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතුයි. නොකළ වැරදි වලට ඔබ අසු වීමට ඉඩ ඇති දිනයකි. එබැවින් ප්‍රවේසම් වන්න. ආවේගය පාලනය කරගන්න. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ඉවසීම ඔබේ සිතට ශාන්තියක් වනු ඇත.
ජය වර්ණය: තද රෝස පැහැය                                                          ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ආහාර ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. සෞඛ්‍ය ගැටළු තිබේනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. ආදායම් තත්වය නම් සුභ වන දිනයකි. මත ගැටුම් වලට නොයමින් වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. සතුට හා අසතුට අතර ඔබ දෝලනය වන දිනයකි. නමුත් එඩිතරව ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 02

 

 

මීන ලග්නය

සුවපහසුව දිනය ගතකිරීමේ වාසනාව ඇත. ඔබේ දැනුමට වටිනාකමක් ලැබෙන, අන් අයගේ ගෞරවය ලැබෙන දිනයකි. නොසිතූ ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. සුභ මංගල යෝගද ඇතිවන දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. විදෙස් සම්බන්ධතා ඇතිවන දිනයකි. නිහතමානිව කටයුතු කිරීමට වග බලාගන්න. අනාගත වැඩකට මග පාදෙන සුභ දිනයකි. දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                   ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post