ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අපේ රටේ අය අතර ජනප්‍රියම ක්‍රීඩකයා තමයි විරාත් කෝලි. ඒ වගේම තමයි කෝලි – අනුෂ්කා විවාහයත් මුළු ලෝකයක්ම කතා කරපු විවාහ උත්සවයක් වුනා. මේ දෙන්නගේ විවාහ ජිවිතයේ අලුත්ම තොරතුරක් නිසා සමාජ ජාල ආපහු කැළඹිලා තියෙනවා. ඒ කෝලි තමන්ගේ Twitter Account එකේ තියපු සටහනක් නිසා.
“There’s a lot that’s happening right now. Fill you guys in real soon! ? ” මේ සටහන තමයි කෝලි පහුගිය දවසක Twitter එකේ තියල තිබ්බේ. මේක දැකපු ඔහුගේ යාළුවන් ගොඩක් දෙනෙක් ඔහුට සුබපතලා තිබුනා. ඒකට හේතුව වුනේ මේ සටහනෙන් කියවෙන්නේ අනුෂ්කා ගැබ් අරගෙන කියන අදහසක් කියල හිතලා. කොහොම වුනත් මේක දැම්මේ එහෙම එකක් නිසා නෙමෙයි කියලයි කෝලි සහ ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ….
There’s a lot that’s happening right now. Fill you guys in real soon! 👌
— Virat Kohli (@imVkohli) March 9, 2018