News Line| Off Air
Generic placeholder image

Mar
25

ඕස්ට්‍රේලියාව බංගලාදේශයටත් වඩා ජරා වැඩක් පිටිය මැදදී කරයි. ක්‍රිකට් අද සිට මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවෙයි. – Exclusive

2916 Views


ඕස්ට්‍රේලියාව බංගලාදේශයටත් වඩා ජරා වැඩක් පිටිය මැදදී කරයි. ක්‍රිකට් අද සිට මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නොවෙයි. – Exclusive

ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාව. මෙච්චර දවසක් අපි හිතාගෙන හිටියේ එහෙමයි. හැබැයි පහුගිය වසර දෙක තුන ඇතුලත සිදුවුණු දේවල් දිහා බැලුවම ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය ටික ටික පණ අදින බවක් අපිට පෙනුණා. ක්‍රිකට් වලට ආදරය කරන අය හිත හදා ගත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල සුදු මහත්වරු ටික දෙනා හරි නියම මහත්වරු වගේ ක්‍රිකට් සෙල්ලම් කරනවනේ කියලයි. හැබැයි මීට පැය කිහිපයකට කලින් ක්‍රිකට් පිටියේ සිදුවූ දෙයක් නිසා ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් කියලා කියන්න බැහැ.

ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය මේ දවස් වල කේප් ටවුන් වල පැවැත්වෙනවා. මේ තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන්න දකුණු අප්‍රිකානුවන් සියල්ලන් දැවී ලකුණු 311ක් රැස් කරත් පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියානුවන්ට පළමු ඉනිමේ රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 255ක් පමණයි. ඒ අනුව ක්‍රියාත්මක වුණු තරඟයේ තුන්වන දිනයේ දිවා ආහාරයෙන් පසු කාලයේදී ඔස්ට්‍රේලියානු දකුණත් පිතිකරු කැමරන් බ්‍රන්ක්රෝෆ්ට් පන්දුව පලුදු කරන්න පටන් ගත්තා.

තමන්ගේ කලිසම් සාක්කුවේ හංගගෙන හිටපු ප්ලාස්ටික් වැනි යම් කිසි දෙයකින් සුක්ෂමව පන්දුව සූරන ආකාරය ඔහුටත් නොදැනීම ඔහුවෙත යොමු වුණු කැමරා කාචයේ සටහන් වුණා. මේ දර්ශණ සජීවී රුපවාහිනී විකාශයේ පෙන්වනවාත් සමගම ක්‍රීඩාගාරයේ ඉන්න ඩැරල් ලීමන්, ඕස්ට්‍රේලියානු පුහුණුකරුවා අතිරේක ක්‍රීඩකයෙක්ට වෝකි ටෝකි යන්ත්‍රයකින් යම් කිසි දෙයක් දන්වන අයුරුද කැමරා වල සටහන් වුණා. මේ සිදුවීම කැමරන් සිදු කළේ ඕස්ට්‍රේලියානු නායකයා ස්ටීව් ස්මිත්ගේද අනුදැනුම මත බවයි රූපවාහිනී දර්ශන වලින් පෙනෙන්නට තිබුණේ.

මේ කැමරන් පන්දුව පලුදු කළ ආකාරය

 

කොහොම වුණත් ඕස්ට්‍රේලියානුවන් විසින් ක්‍රිකට් ක්‍රීඩාවේ ජීවගුණය පිටිය මැදදී ගෙල මිරිකා මරා දැමුවා කියලයි ක්‍රිකට් විචාරකයෝ කියන්නේ. ඒ වගේම මේ දර්ශන දුටු ඕස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් ට්වීට් කරලා තිබුනේ එක ඔහු දැකපු නරකම හීනය කියලයි.

මීට කලින් ඕස්ට්‍රේලියාව කිසිම දවසක පන්දුව පලුදු කිරීමක් කරලා නැහැ. හැබැයි ඉතිහාසයේ පළමු වරට ඔවුන් මේ කරේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කළු සායම් බාල්දියක්ම පෙරලීමයි.

දැන් හැමෝම බලාගෙන ඉන්නේ මේ වරදට ඕස්ට්‍රේලියාවට ලැබෙන දඩුවම මොකද්ද කියලයි. බොහෝ විට කැමරන්ට තරඟ මුදලින් 50%, 100% ක දඩයක් හරි තරඟ මුදල වගේ දෙගුණයක්, තුන්ගුණයක දඩයක් වගේම ටෙස්ට් තරඟ තහනමක්, දඩුවම් ලකුණු ආදිය ලැබෙන්න පුළුවන්. ඒ මොන දඩුවම දුන්නත් පිට පිට ක්‍රිකට් ක්‍රීඩකයන් මෙහෙම වැරදි කරන එක නවත්තගත්තේ නැත්නම් අනාගතයට ක්‍රිකට් හීනයක් විතරක් වෙන්නත් ඉඩ තියෙනවා.

හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මේ සිදුවීම ගැන දක්වපු අදහස්.


News Articles
Latest Videos
Most Popular Post