News Line| Off Air
Generic placeholder image

Mar
26

Fish Therapy වලින් නම කියන්න බැරි ලොව මාරාන්තිකම රෝගය වැළදෙනවා. – සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් රතු එළි. – Exclusive

3761 Views


Fish Therapy වලින් නම කියන්න බැරි ලොව මාරාන්තිකම රෝගය වැළදෙනවා. – සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් රතු එළි. – Exclusive

Fish Therapy කියන්නේ සංචාරකයන්ගේ සිත් ගත්ත අංගයක්. හැබැයි මේ Fish Therapy නිසා ලෙඩ රෝග වැළඳීමේ අවධානමක් තියෙනවා කියලා ටික කාලෙක ඉඳලා කසු කුසුවක් තිබුණා. සමහරු මේ කතාව එක පයින් ප්‍රතික්ෂේප කරත් ගොඩාක් අය අකමැත්තෙන් වුණත් Fish Therapy වලට යන එක නැවැත්තුවා. හැබැයි මීට පැය කිහිපයකට කලින් ලෝක ප්‍රකට සෞඛ්‍ය ආයතනයක් තමන්ගේ විශේෂඥයින් මාස ගණනක් පුරා කළ පරීක්ෂණයක ප්‍රතිපල නිකුත් කරා.

මේ වාර්තාවට අනුව Fish Therapy වලදී එච්.අයි.වී. හා හෙපටයිටිස් වැනි රෝග ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම දියවැඩියාව, චර්ම රෝග හෝ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට Fish Therapy වලදී HIV හා හෙපටයිටිස් වැළඳීමේ වැඩි අවධානමක් තියෙනවා.

HIV හෝ හෙපටයිටිස් ආසාදිතයන් Fish Therapy වලට ආවම ඔවුන්ගේ ඇඟිලි, කකුල හෝ යටි පතුලේ සම මසුන් නිසා තුවාල වෙන්න පුළුවන්. ඒ සම් කොටස් හෝ රුධිරය මත්සයන්ට ඇතුළු වීම නිසා ජලයේ සිටින ඒ කුසා මසුන් මේ රෝග වල වාහකයන් වෙනවා. මසුන්ගේ ශරීරයට මේ වයිරසයන් නොගියත් ජලයේ සිටින ක්ෂුද්‍ර ජීවින්, බැක්ටීරියා හරහාද යලිත් වයිරසය මාළු තුලට හෝ මිනිසුන්ගේ සම හරහා ශරීරයට හෝ ගමන් කරන්න පුළුවන්.

නිතරම මසුන් ඉන්නා ජලය මාරු කිරීමෙන් මෙවන් අවධානමක් වලක්වා ගන්න පුළුවන් වුණත් දැනට තිබෙන Fish Therapy මධ්‍යස්ථාන වලදී එය 100% වනවාද යන්න විශ්වාස කළ නොහැකි කාරණාවක්.

කොහොම නමුත් තාවකාලික විනෝදය උදෙසා අහක තියෙන අතිශය මාරාන්තික ඝනයේ HIV වයිරසයට ඔබේ සිරුරට ඇතුළු වෙන්න ඉඩ දෙනවාද නැද්ද යන්න ඔබ ගන්න ඕනේ තීරණයක්.


News Articles
Latest Videos
Most Popular Post