News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
26

වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනට හිමි සම්මානය සියතට…

842 Views


වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනට හිමි සම්මානය සියතට…

පහුගිය සෙනසුරාදා රාත්‍රිය ශ්‍රී ලාංකේය රූපවාහිනී නාළිකා වලට වැදගත් දවසක් වුනා. ඒ ලංකාවේ රුපවාහිනී නාළිකා වල වැඩසටහන් අගය කරලා ලබාදෙන රයිගම් රූපවාහිනි සම්මාන උළෙල නිසා. මේ සම්මාන උළෙලේදී තරඟකාරී රූපවාහිනී නාළිකා අතරින් සම්මානයක් ලබා ගැනීම, ඇගයීමට පාත්‍රවීම හැම නාළිකාවකම බලපොරොත්තුවක්.

ඉතින් පහුගිය දවසක පැවැත්වුන රයිගම් රූපවාහිනි සම්මාන උළෙලේදී සම්මානයක් ලබාගන්න සියත TV නාළිකාව සමත් වුනා. ඒ වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහනට හිමි සම්මානය සියතට ගනිමින්. මේ වැඩසටහනේ නම තමයි `චිත්‍ර කාමරය.’ මේ තියෙන්නේ ලබාගත් සම්මානය.


News Articles
Latest Videos
Most Popular Post