News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

අද ලග්න දෙකකට කෞතුක භාණ්ඩ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

415 Views


අද ලග්න දෙකකට කෞතුක භාණ්ඩ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මාර්තු මස 20 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.18 සිට 04.49 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.14 සිට 04.43 දක්වා
සුභ දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

එඩිතරව වැඩ කටයුතු කරගෙන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. වඩාත් සාධාරණව අවංකව කටයුතු කළහැකි දිනයකි. නායකත්වය ලැබෙන දිනයකි. ඔබේ වැඩ කටයුතු බොහෝමයක් වඩාත් සාර්ථකව අන් අය අභිබවමින් කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                             ජය අංකය: 04

වෘෂභ ලග්නය

මනා බුද්ධියකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. විනයානුකුල බව ඉතාම ඉහල මට්ටමක පවතින දිනයකි. සැලසුම් සහගතව වැඩ කටයුතු කිරීම හා මනා පෙනුමකින් යුතුව හැසිරීම අද දින ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. නොදන්නා දෙයක් නම් කෙනෙකුගෙන් දැන ගතයුතු දිනයකි. වඩාත් කල්පනාකාරීව තම වැඩ කටයුතු සියල්ල සම්පාදනය කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රෝස පැහැය                                                    ජය අංකය: 03

මිථුන ලග්නය

කැපී පෙනෙන කටයුතු කරන දිනයකි. සියලුම කලා කටයුතු වලට වඩාත් දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආදායම් මාර්ග ඇතිවන දිනයකි. ආගමට දහමට වැඩියෙන් නැඹුරුව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                          ජය අංකය: 02

 

කටක ලග්නය

සුවපහසුව ගතකළ හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. සමාජ සේවා වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. ඔබට අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට වඩාත් යෝග්‍ය දිනයකි. විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි සුභ දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද යෝග්‍ය දිනයකි. සතුරු පීඩා අවම වන දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 01

සිංහ ලග්නය

කෝපයෙන් මෙන්ම කලබලයෙන් තොරව වැඩ කටයුතු කරගැනීමට වග බලාගත යුතු දිනයකි. සෑම කටයුත්තක්ම වඩාත් ස්වාධීනව කිරීමට වග බලාගන්න.  කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. ණයට ගැනීමට හා ණයට දීමට නොයන්න. නිසි වෙලාවට ආහාර හා ජලය ගතයුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                       ජය අංකය: 03

කන්‍යා ලග්නය

වෙළදාමට හා වාණිජ වැඩ කටයුතු වලට ඉතාම සුභ දිනයකි. කායික පීඩා අවම වන සුභ දිනයකි. බලය හා ජනප්‍රියත්වය ලැබෙන දිනයකි. එබැවින් වැඩ කටයුතු සම්පාදනය කරගැනීමේදී වඩාත් කල්පනාකාරී වන්න. සිතෙහි බොහෝ කලක් පැවති බලාපොරොත්තු ඉටුවන සුභ දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තද කොළ පැහැය                                                         ජය අංකය: 01

 

තුලා ලග්නය

ඔබ අද දින ව්‍යාපාර හැකියාවෙන් ශක්තිමත් වන දිනයකි. වෙලාවට වැඩ කටයුතු කිරීමට බලාගන්න. වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. කලා නිර්මාණ වලට සුභ වන අතර අන් අය මනාවට තේරුම් ගන්නා අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: දම් පැහැය                                                          ජය අංකය: 01

 

වෘශ්චික ලග්නය

 

ඔබට ඉතාම තියුණු ඉවක් ඇතිවන දිනයකි. අවංකව කටයුතු කරන්න. නමුත් ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතුයි. නිසි ව්‍යායාම හා ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ගමන් බිමන් වලදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. වඩාත් කල්පනාකාරීව තියුණු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 09

 

 

ධනු ලග්නය

ගංගා හා මුහුදු ආශ්‍රිතව කල්පනාකාරීව වැඩ කටයුතු කළයුතු දිංයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. නිදහසේ දිනය ගත කිරීමට ආශා කරයි. බුද්ධිමත්ව කටයුතු කළහැකි දිනයක් වන මුත් තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. සුරතල් සතුන්ගෙන් පවා ප්‍රවේසම් විය යුතු දිනයකි.
ජය වර්ණය: ගුරු පැහැය                                 ජය අංකය: 08

 

මකර ලග්නය

මතක ශක්තිය ඔබට වඩාත් උපකාරී වන දිනයකි. සිත පාලනයෙන් කටයුතු කරන දිනයකි. ව්‍යායාමයක් තුලින් දිනය ආරම්භ කරන්න. කෞතුක භාණ්ඩ වලට වැඩි ඇල්මක් දක්වන ඇත ඒවා ඔබට ලැබීමට අවස්ථාවක් ඇති දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් මත ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                       ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

සොර සතුරන්ගෙන් විශේෂයෙන්ම ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. නිසි ලෙස ආහාර ගැනීමට යොමුවිය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: තද නිල් පැහැය                                        ජය අංකය: 06

 

 

මීන ලග්නය

අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට වඩාත් සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු ඉතාම උනන්දුවෙන් යුතුව කරන්න. වඩාත් සාර්ථක වේවි. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු සම්පාදනය කරගතයුතු දිනයකි.කෞතුක භාණ්ඩ ලැබීමේ ඉඩකඩ පවතින දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                             ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන: 011 50 10 829


News Articles
Latest Videos
Most Popular Post