News Line| Off Air| Games
Generic placeholder image

Mar
29

විරාත් කොලිව අමරණිය කරන්න ඉන්දියාව තීරණය කරයි.

1208 Views


විරාත් කොලිව අමරණිය කරන්න ඉන්දියාව තීරණය කරයි.

විරාත් කෝලි කියන්නේ මේ වෙද්දී ලෝකයේ ඉන්න සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම ඉන්න ක්‍රීඩකයා. කොලිගේ දක්ෂතාවය ගැන ඔහු ඕනෑවටත් වඩා ඔප්පු කරලා තියෙනවා.

මේ සුපිරි ක්‍රීඩකයා අමරණීය කරන්න ඉන්දියාව තීරණය කරලා තියෙනවා. ඒ දිල්ලියේ තියෙන Madame Tussauds ඉටි කෞතුකාගාරයේ කෝලිගේ ඉටි රූපයක් හදලා. මේ වෙද්දීත් කෝලිගේ ඉටි රූපයේ වැඩ පටන් අරන් තියෙන්නේ.

ඒ සඳහා අවශ්‍ය කෝලිගේ මිණුම් ලබා දෙන්න ඔහු දිල්ලියේ Madame Tussauds කෞතුකාගාරයට ගියා. කෝලිගේ ඉටි රූපය හැදුවට පස්සේ ඔහුගේ රසිකයන්ට කෝලි එක්ක selfie ගහන්න ඔහුව මුණගැහෙනකන් ඉන්න ඕන නෑ. මේ කෞතුකාගාරයට ගිහින් කෝලිගේ ඉටි රූපයත් එක්ක selfie යක් ගහන්න විතරයි.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප කිහිපයක්.


News Articles
Latest Videos
Most Popular Post