News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
30

“හම්බන්තොටින් එළියට ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න.” – රනිල්, සජිත්ට කියයි.

1088 Views


“හම්බන්තොටින් එළියට ඇවිත් රටේ ප්‍රශ්න විසඳන්න.” – රනිල්, සජිත්ට කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ රැස්වුණා. ඒ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මේ රැස්වීමේදී අගමැතිතුමා සජිත් ඇමතිතුමාට කියපු දෙයක් මේ වෙලාවේ දේශපාලන වේදිකාවේ සැහෙන්න කතා බහට ලක්වෙමින් තියෙනවා.

“හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එළියට ඇවිත් රට වටේ ගිහින් ජනතා ප්‍රශ්න විසඳන්න සූදානම් වෙන්න.” කියලා තමයි අගමැතිතුමා සජිත් ප්රේ,අදාස අමාත්‍යවරයාට කිව්වේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉවර වුනාට පස්සේ එළියට ආව සජිත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදීන් අගමැතිතුමාගේ ප්‍රකාශය ගැන ඇහුවා.

“පක්ෂය විසින් ඒකමතිකව ලබාදෙන වගකීමක් බාර ගන්න සූදානාම්” කියලයි එතුමා මාධ්‍යට කිව්වේ. හැබැයි මිට කලින් නම් කිසිම අවස්ථාවක මේ වගේ දෙයක් කියලා තිබ්බේ නෑ කියලාත් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සඳහන්කරා.


News Articles
Latest Videos
Most Popular Post