පහුගිය දා දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර පවතී ටෙස්ට් තරඟයේදී සිදුවුණ වංචාව දැන් කාටවත් අමුත්තක් නෙවෙයි. කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කරද්දී ඒ සියල්ල සජීවීව විකාශය වුණා. ඒ කැමරා ශිල්පියාගේ තියුණු ඇසට කැමරන්ගේ හොර වැඩේ අහුවුණ නිසා.
කැමරා ශිල්පියාගේ දක්ෂ ක්‍රියාව නිසා අන්තිමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 3 දෙනෙක්ට සහ ප්‍රධාන පුහුණුකරුට ගෙදර යන්නත් වුණා. මේ සිදුවීම් එක්ක හැමෝම හෙව්වේ මේ සිද්දිය හසුකර ගත්ත කැමරාකරු කවුද කියලා. ඔහු තමයි දකුණු අප්‍රිකානු ජාතික සෝටානි ඔස්කාර්.
සෝටානි කැමරා ශිල්පියෙක් වෙන්නෙත් හරිම අහඹු විදියට. සෝටානි මුලින්ම වෘත්තීය ආරම්බ කරන්නේ තාක්ෂණික ශිල්පියෙක් විදියට. හැබැයි 2007 දී නවසීලන්ත කණ්ඩායමේ දකුණු අප්‍රිකා සංචාරයේදී එක කැමරා ශිල්පියෙක් හදිසියේම අසනීප වෙනවා. ඒ නිසා කැමරාව බාර ගන්නේ සෝටානි ඔස්කාර්. පස්සේ ඔහු නිත්‍ය කැමරා ශිල්පියෙක්.