News Line| Off Air
Generic placeholder image

Mar
31

දේශීය තරගාවලිය නිසා IPL යන්න බැහැ කියපු කුසල් ජනිත් පළමු තරගයට නෑ. ඇත්තටම වුණේ මොකද්ද? – Exclusive

3625 Views


දේශීය තරගාවලිය නිසා IPL යන්න බැහැ කියපු කුසල් ජනිත් පළමු තරගයට නෑ. ඇත්තටම වුණේ මොකද්ද? – Exclusive

මේ වෙද්දී ලංකාවේ ඉන්න ප්‍රහාරාත්මකම පිතිකරුවා කුසල් ජනිත්. ඒ බව අවසන් වුන නිදහස් කුසලාන තරඟාවලියේදී හොඳටම බලා ගන්න පුළුවන් වුණා. ඩේවිඩ් වෝනර් IPL තරඟාවලියෙන් ඉවත් වුනාට පස්සේ හයිද්‍රබාද් කණ්ඩායමට කුසල්ව කැඳවන්න සූදානමින් හිටියා. හැබැයි ඊයේ දවසේ සමහර මාධ්‍ය වාර්තා කරේ කුසල් දේශීය තරඟාවලියට සහභාගී වෙන්න ඕන නිසා IPL යන්න බෑ කිව්වා කියලා.

හැබැයි කුසල් ජනිත් IPL යන්න බෑ කිව්ව ඇත්තම හේතුව අපිට ආරංචි වුණා. නිදහස් කුසලානයේදී කුසල්ගේ ඇති වුන අබාධයක් නිසා තරඟ දෙකක් ක්‍රීඩා නොකර ඉන්න කියලා වෛද්‍යවරු ඔහුට උපදෙස් දීලා තිබ්බා. ඒ නිසා ඊයේ ආරම්භ වුන දේශීය ක්‍රිකට් තරඟාවලියේ පළවෙනි තරඟයත් ඔහුට අහිමි වුණා.

ඒ වගේම කුසල් IPL තරඟාවලියට නොයන්න ප්‍රධානම හේතුවක් තමයි ඔහුට අඩු ලංසුවක් ලැබීම. හයිද්‍රබාද් කණ්ඩායමෙන් ඔහුට ලැබිලා තිබ්බේ ලක්ෂ 50 ක අඩුම ලංසුවක්.


News Articles
Latest Videos
Most Popular Post