News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
1

සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරය ජලයෙන් යටවීමේ අවදානමක්.

995 Views


සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරය ජලයෙන් යටවීමේ අවදානමක්.

ජපානය කියන්නේ ස්වභාවික විපත් වැඩිම රටක්. භූමිකම්පා, සුළි කුණාටු වලින් නම් ජපානයට අඩුවක් නෑ. ඒ නිසාම ජපානයේ ටෝකියෝ නගරයට සුළි කුණාටුවකින් වෙන්න පුළුවන් හානිය ගැන හොයලා තිබ්බා. ටෝකියෝ නාගරික පාලනයේ අනුග්‍රහයෙන් තමයි මේ අධ්‍යනය කරලා තියෙන්නේ.

වාර්තාව අනුව සුපිරි සුළි කුණාටුවකින් ටෝකියෝ නගරයේ තුනෙන් එකක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙන්න පුළුවන්. ඒ සුළි කුණාටුවෙන් ඇති වෙන උස් රළ නිසා. මේ නිසා ටෝකියෝ අගනුවර මිලියන 4 ක විතර ජනතාවක් ආපදාවට ලක්වෙන්න පුළුවන්.

ටෝකියෝ නුවර ජනගහනය මේ වෙද්දී මිලියන 13.7 කට ආසන්නයි. මේ අධ්‍යනයට අනුව ටෝකියෝ නුවර වර්ග කිලෝමීටර් 212 ක් විතර ප්‍රමාණයක් ජලයෙන් යට වෙන්න පුළුවන්. සමහර ස්ථාන මීටර් 10 ක් විතර ජලයෙන් යට වෙන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post