News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
2

ඉන්දියාවේ චන්ද්‍රිකාවක් අතුරුදහන්.

894 Views


ඉන්දියාවේ චන්ද්‍රිකාවක් අතුරුදහන්.

20 වන සියවසේ හොඳම සොයා ගැනීම තමයි චන්ද්‍රිකාව කියන්නේ. ගෞරවනීය ශ්‍රී ලාංකිකයෙක් වුන ආතර් සී ක්ලාර්ක් මහතාගේ සංකල්පයකට අනුව තමයි චන්ද්‍රිකා තාක්ෂණය ලෝකයට එන්නේ. විශ්ව ගම්මාන සංකල්පයේ මූලික අඩිතාලම වැටෙන්නෙත් චන්ද්‍රිකා හරහා.

මේ වෙද්දී තමන්ගේම කියලා චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න ලෝකයේ රටවල් අතර ලොකු තරඟයක් තියෙනවා. ලෝක බලවතෙක් වෙන්න හදන ඉන්දියාවත් පහුගිය දා චන්ද්‍රිකාවක් උඩුගුවනට යැව්වා. ඒ පහුගිය බ්‍රහස්පතින්දා. හැබැයි චන්ද්‍රිකාව කක්ෂගත කරන්න ඔන්න මෙන්න තියෙද්දී අභ්‍යවකාශ මධ්‍යස්ථානයත් එක්ක තිබ්බ සම්බන්ධතාව බිඳ වැටුණා.

තාමත් මේ චන්ද්‍රිකාව එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩ නගා ගන්න බැරි වෙලා තියෙනවා. ඉන්දීය අභ්‍යවකාශ ආයතනය සඳහන් කරන විදියට මේ චන්ද්‍රිකාව ටොන් 2066 ක් බරයි. ඒ වගේම මේ චන්ද්‍රිකාව කක්ෂ ගත කරන්න ඉන්දීය රුපියල් කෝටි 270 ක් වැය කරලා තියෙනවා. ඒ නිසා තාමත් චන්ද්‍රිකාව සමඟ සම්බන්ධතාවයක් ඇති කර ගන්න උත්සාහය ඇත හැරලා නෑ.

ගිය අවුරුද්දේ අගෝස්තු 31 වෙනිදාත් මේ විදියටම චන්ද්‍රිකාවක් කක්ෂගත කරන්න බැරුව අසාර්ථක වුණා.


News Articles
Latest Videos
Most Popular Post