News Line| Off Air
Generic placeholder image

Apr
2

උදාරි පාටි වලට යන්නේ නැති හේතුව මෙන්න.

841 Views


උදාරි පාටි වලට යන්නේ නැති හේතුව මෙන්න.

උදාරි වර්ණකුලසූරිය කියන්නේ අහිංසක පෙම්වතියක් විදියට ලංකාවේ ජනප්‍රිය වුන නිළියක්. හැබැයි මේ වෙද්දී ඇයට විවිධ චරිත හරහා චරිතාංග නිළියක් වෙන්න පුළුවන් වෙලා තියෙනවා.

අහිංසක පෙම්වතියක්, බිරිඳක් විදියට රූපවාහිනියේ උදාරිව දැක්ක ඔබට රිදී තිරයේ ඇයව දකින්න ලැබෙන්නේ වෙනස්ම විදියකට. මේ දවස්වල තිරගත වෙන පෝරිසාදයා චිත්‍රපටියේ ඇය රඟපාන්නේ චන්ඩි කෙල්ලකගේ චරිතයක්. මේ අලුත් චරිතය ගැන උදාරිත් ඉන්නේ ලොකු සතුටකින්.

“Action Movie වලින් මම සම්බන්ධ වුන පළවෙනි චිත්‍රපටය තමයි මේක. චරිතාංග නිළියක් වීමේ ආශාව සැබෑ වෙලා තියෙනවා. ඇත්තටම ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ.” කියලයි ඒ සතුට උදාරි වචන වලට හැරෙව්වේ. අනිත් නිළියන් වගේ උදාරිව වැඩිය සාද වල පෙන්නේ නෑ. එකට හේතුවත් උදාරි කිව්වා.”යාළුවෝ කිව්වොත් අපි පාටියකට යමු කියලා මම එයාලට බොරු කියලා ගෙදර ගිහින් තියෙනවා. ඒ මම පවුලේ අය එක්ක ඉන්න කෑදර නිසා. ඒ වගේම මේකප් දාන්න හරිම කම්මැලි.”

උදාරිගේ සැමියා ඉන්නේ වෙනත් රටක. හැබැයි ඉඩක් ලැබුන ගමන් සැමියා උදාරිවයි, දුවයි බලන්න එනවලු. ඒ වගේම උදාරිට විවේකයක් ලැබුන ගමන් දුවත් එක්ක සැමියා ළඟට යනවලු.


News Articles
Latest Videos
Most Popular Post