News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
3

වඳුරෙක් කුඩා දරුවෙකුගේ ජිවිතය විනාශ කරයි. දුටුතැන අල්ලන්න උසාවිය නියෝග කරයි.

1220 Views


වඳුරෙක් කුඩා දරුවෙකුගේ ජිවිතය විනාශ කරයි. දුටුතැන අල්ලන්න උසාවිය නියෝග කරයි.

වඳුරා කියන්නේ පුදුම කරදකාරී සතෙක්. කෙහෙල් කැනක් මෝදු වෙන්න බෑ කනවා. එහෙම නැත්තන් ලා කුරුම්බා ගෙඩි කඩාගෙන බොනවා. ඉඳලා හිටලා කුස්සියට පැනලා පොල් බෑයක් එහෙම උස්සන් දුවන වෙලාවලුත් තියෙනවා. හැබැයි ඉතින් ගෙදර ඉන්න කිරිසප්පයව උස්සන් දුවයි කියලා කවුද හිතන්නේ.

වඳුරන්ව දේවත්වයෙන් සලකන ඉන්දියාවෙන් ඒ වගේ පුවතක් වාර්තා වුණා. නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ නිවසකට ඇතුල් වුන වඳුරෙක් නිවසේ හිටිය කුඩා බිලිඳා පැහැරගෙන ගොස් තියෙනවා. මව දරුවා පැහැරගෙන යනවා දැක්කත් බේරා ගන්න පුළුවන් වෙලා නෑ. ගම්වාසීන් හා පොලිසිය එකතු වෙලා මුළු ගමේම දරුවා සෙව්වා. පසුදා ගෙදර පිටුපස ළිඳේ තිබිලා බිළිඳාගේ මළ සිරුර හමු වුණා.

මේ වෙද්දී දරුවා පැහැර ගත්ත වඳුරා අල්ල ගන්න ඔරිස්සා ප්‍රාන්ත පොලිසිය මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනවා. චූදිත වඳුරා අල්ලා ගන්න වඳුරන් ඇල්ලීමේ විශේෂඥයන් වන ගෝත්‍රික කණ්ඩායමක ද සහයෝගය මේ වෙද්දී පොලිසිය ල;අබා ගෙන තියෙනවා. කොහොම වුනත් වඳුරා කියන්නේ තිරිසන් සතෙක්. ඒ නිසා උන්ගෙන් දරුවන් පරිස්සම් කර ගන්න එක දෙමව්පියන්ගේ වගකීමක්.


News Articles
Latest Videos
Most Popular Post