ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ දස්කම් මනින සිව්දින ක්‍රිකට් තරඟාවලිය මේ දවස්වල පැවැත්ව එනවා. ගාල්ල, කොළඹ, නුවර සහ දඹුල්ල කණ්ඩායම් තමයි මේ තරඟාවලියේ තරඟ වඳින්නේ. මේ වෙද්දී හැම කණ්ඩායමක්ම එක තරඟය බැගින් ක්‍රීඩා කරලා තියෙන්නේ. ඒ තරංග වලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිස්තැන් පුරවන්න පුළුවන් හොඳ ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම හොයා ගන්න පුළුවන් වුණා.
ගාල්ල සහ කොළඹ අතර තිබ්බ තරඟය ජය පරාජයෙන් තොරව නිමා වුණා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ගාල්ල කණ්ඩායමේ රොෂේන් සිල්වා පළවෙනි ඉනිමේ නොදැවී ලකුණු ලකුණු 231 ක් ලබා ගත්තා. ඒ තරඟාවලියේ දිත්ව ශතකය වාර්තා කරමින්. දසුන් ශානක ලකුණු 95 යි. කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කරන ලහිරු තිරිමාන්න පළවෙනි ඉනිමේ නොදැවී ලකුණු 125 ක් ලබා ගත්තා. දෙවෙනි ඉනිම ක්‍රීඩා කල ගාල්ල කණ්ඩායමේ සදීර සමරවික්‍රම ලකුණු 77 ක් සහ ළහිරු මලින්ත ලකුණු 74 ක් ලබා ගත්තා.
කොළඹ කණ්ඩායමේ දිල්රුවන් පෙරේරා පලවෙනි ඉනිමේ කඩුලු 3 ක් දවා ගත්තා. ගාල්ල කණ්ඩායමේ අකිල ධනංජය පලවෙනි ඉනිමට කඩුලු 3 ක් ලබා ගත්තා. ඒ ලකුණු 61 කට.
දඹුල්ල සහ නුවර කණ්ඩායම් අතර තරඟයත් ජය පරාජයෙන් තොරව නිමාවට පත් වුණා. මේ තරඟයේදී නිරෝෂන් දික්වැල්ල, මහේල උඩවත්ත, සචිත්‍ර සේනානායක, කසුන් රාජිත, ළහිරු කුමාර සහ ළහිරු ගමගේ සුපිරි දස්කම් පෙන්නුවා.
පලවෙනි ඉනිම ක්‍රීඩා කල දඹුල්ල කණ්ඩායමේ අශාන් ප්‍රියංජන් ලකුණු 156 කුත්, සචිත්‍ර සේනානායක ලකුණු 105 කුත් ලබා ගත්තා. සචිත්‍ර දෙවෙනි ඉනිමේත් ලකුණු 60 ක් රැස් කරා. නුවර කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල පළවෙනි ඉනිමේ ලකුණු 112 ක් සහ දෙවෙනි ඉනිමේ ලකුණු 56 ක් ලබා ගත්තා. ඔහුට අනගි සහයක් දක්වපු මහේල උඩවත්ත පළවෙනි ඉනිමේ ලකුණු 97 ක් සහ දෙවෙනි ඉනිමේ ලකුණු 103 ක් රැස් කරා.
පන්දු යැවීමේදී නුවර කණ්ඩායමේ කසුන් රාජිත ඉනිම දෙකේදීම කඩුලු 3 බැගින් දවා ගත්තා. ඒ වගේම නුවර කණ්ඩායමේ ළහිරු කුමාරත් ඉනිම දෙකේදීම කඩුලු 3 බැගින් දවා ගත්තා. දඹුල්ල කණ්ඩායමේ ළහිරු ගමගේ පළවෙනි ඉනිමේ කඩුලු 5 ක් දවා ගත්තා.