News Line| Off Air
Generic placeholder image

Apr
3

නැති වෙන්න ගිය ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාව කොදෙව්වන් බේරා දෙයි.

2142 Views


නැති වෙන්න ගිය ශ්‍රී ලංකාවේ ලෝක වාර්තාව කොදෙව්වන් බේරා දෙයි.

T20 තරඟවල දැවැන්තයින් විදියට හදුන්වන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්. හැබැයි ඉතින් කොට්ටෝරුවටත් හොට පැටලෙන දවසක් එනවා නේ. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමටත් පෙරේදා වැඩ වැරදුණා. ඒ පාකිස්ථානය එක්ක තිබ්බ T20 තරඟයේදී.

මේ තරඟයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඔවුන්ගේ අඩුම T20 ලකුණු ප්‍රමාණය වාර්තා කලා. ඒ ලකුණු 60 ක්. මුලින්ම පන්දුවට පහර දුන්න පාකිස්ථානය කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබා ගත්තා. හැබැයි කිසිම පාකිස්ථාන ක්‍රීඩකයෙක්ට අර්ධ ශතකයක් ලබා ගන්න බැරි වීම විශේෂයි. හුසේන් ටල්ට් ලකුණු 41ක් ,ෆකාර් සමාන් ලකුණු 39ක්,සෆ්රාස් අහමඩ් ලකුණු 38ක් සහ ෂොහිබ් මලික් පන්දු 14ක් තුල වේගවත් ලකුණු 37ක් ලබා ගත්තා.

ලකුණු 205 ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 60 කට දැවී ගියා. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයෙක්ට ලකුණු 50 සීමාවට එන්න බැරි වුණා. ක්‍රීඩකයන් 4ක් ම දැවී ගියේ කිසිඳු ලකුණක් ලබා ගන්නත් කලින්. පාකිස්ථානයට ලකුණු 143 ක දැවැන්ත ජයග්‍රහණයක් ඇත වුණා. T20 ඉතිහාසයේ දෙවෙනි විශාලම ජයග්‍රහණය විදියටයි එය වාර්තා අතරට ගියේ.


News Articles
Latest Videos
Most Popular Post