පියෙක්ට තමන්ගේ දුවට වඩා තවත් වස්තුවක් කොහෙන්ද. හැබැයි තමන් අැස් දෙක වගේ බලා ගත්ත දියණිය එකපාරටම අතුරුදහන් වුනොත්. දියණියක් ඉන්න තාත්තා කෙනෙක්ට නම් එ් හැඟීම හිතා ගන්නවත් බෑ.
වසර 24 ක් පුරා අතුරුදහන් වෙලා හිටිය තමන්ගේ දියණිය නැවතත් හමුවුණ පුවතක් චීනයෙන් වාර්තා වුණා. චීනයේ, චැංග්ඩු පලාතේ ජීවත් වුණ චන්ග් නම් පුද්ගලයාගේ දියණිය අවුරුදු 3 දී එකවරම අතුරුදහන් වුණා. පලතුරු වෙළදාම් කර ඔවුන් දවසක් වෙළදාම් කරලා අවසන් වෙද්දී ඔහුගේ දියණිය අතුරුදහන් වෙලා හිටියා. කයිෆිංග් නම් ඔවුන්ගේ දියණිය හොයන්න දෙමාව්පියන් නොගත්ත උත්සාහයක් නෑ.
හැබැයි දියණිය ගැන කිසිම තොරතුරක් ඔවුන්ට හොයා ගන්න බැරිවුණා. එත් තමන්ගේ දියණිය කවදා හරි තමන්ව හොයාගෙන එයි කියලා ඔවුන් කවදාවත් තමන් ජීවත් වුන පලාත අතහැර ගියේ නෑ. මේ අතරේ චන්ග් තමන්ගේ දියණිය හොයා ගන්න අලුත් වැඩක් පටන් ගත්තා. එ් ඔහු 2015 ඉදන් කුලී රථ රියදුරෙක් විදියට කටයුතු කරා.
චන්ගේ එකම බලාපොරොත්තුව වුනේ කවදා හරි තමන්ගේ දියණිය මේ කුලී රථයට ගොඩවෙයි කියලා. කුලී රථය පිටුපස චන්ග් දියණියගේ ඡායාරූපයක් අැතුලත් දැන්වීමකුත් අැලෙව්වා. එ් වගේම තමනගේ රථයට ගොඩවෙන හැමෝටම දියණියගේ විස්තර අැතුලත් පත්‍රිකාවකුත් දෙන්න අමතක කරේ නෑ. අතුරුදහන් වුන දියණියගේ ඡායාරූපයක් ඔහු සතුව නොතිබුණ නිසා දෙවෙනි දියණියගේ ඡායාරූපයක් තමයි ඔහු මේ දැන්වීම් වලට භාවිතා කරේ. මොකද දෙවෙනි දියණියත් අතුරුදහන් වුන දියණිය වගේම වුන නිසා.
අවසානයේදී චිත්‍ර ශිලපියෙක් චන්ග්ගේ උදව්වට එනවා. චන්ග්ගේ හිතේ අැදි දියණියගේ රූපය ඔහු සිතුවමට නගනවා. ඊට පස්සේ මේ සිතුවම අන්තර්ජාලයට මුදා හරිනවා. කිලෝමීටර් දහස් ගණනක් අෑත පලාතක කන්ග් යින්ග් කියන කාන්තාව මේ ඡායාරූපය දකිනවා. තමන් වගේම මේ රූපය දැකලා අැය පුදුමයට පත් වෙනවා.
අැය ඉක්මනටම චන්ග්ට දුරකතන අැමතුමක් ගන්නවා. අතුරුදහන් වුණ දියණියගේ නළලේ තිබ්බ කැලලකින් සහ හැඩුවාට පස්සේ වමනයට වගේ එන ලක්ෂණ වලින් මේ නැතිවුන දියණිය බව තහවුරු කර ගන්නවා. ඉන්පසුව කරපු DNA පරීක්ෂණයෙන් එ් බව තවත් තහවුරු වෙනවා.