යාපනයේ මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා බුද්ධිමත් සහ සාධාරණ තීරණ ගන්න විනිසුරුවරයෙක් විදියට ලංකාවේ නමක් දිනාගෙන තියෙනවා. වරක් එතුමා හින්දු කෝවිල්වල බිලි පූජා තහනම් කරලා නියෝගයක් නිකුත් කරා. ඒ වගේම යාපනයේ ශිෂ්‍යාවක් සමූහ දූෂණය කරලා ඝාතනය කල නරුමයින්ට මරණ දඩුවම නියම කරෙත් ඔහු.
මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා තවත් ආන්දෝලනාත්මක නියෝගයක් පහුගිය දා ලබා දුන්නා. ඒ යාපනය නයන්මාර්කණ්ඩු කෝවිලේ ශබ්දය විකාශන යන්ත්‍ර වල ශබ්දය අඩු කරන්න කියලා. මිට සති 3 කට විතර කලින් එම ප්‍රදේශයේ පිරිසක් දේවාලයේ ශබ්ද විකාශන යන්ත්‍රවල සද්දය බාධාවක් කියලා පෙත්සමක් ඉදිරිපත් කලා.
පාසලට, ඉගෙන ගන්නා ළමයින්ට සහ රෝගීන්ට මේ ශබ්දය විශාල බාධාවක් කියලයි පෙත්සම්කරුවන් චෝදනා කරේ. ඒ නිසා කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රවල හඬ අඩු කරන්න කියල මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරා. කෝවිලේ ශබ්දය අඩු කරලාද කියලා බලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දුන්නා.
ග්‍රාම නිලධාරිවරයාට ලබා දුන්න වාර්තාවේ සඳහන් වුනේ කෝවිලේ ශබ්දය අඩු කරලා නෑ කියලා. ඒ වගේම කලින් පෙත්සම්කරුවන් නැවතත් පෙත්සමක් ඉදිරිපත් කලා. අධිකරණ නියෝගයක් ලබා දීලත් කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රවල සද්දය අඩු නොකිරීමට හේතුව කෝවිලේ පූසාරිවරයාගෙන් ඇහුවා. ඔහු කිව්වේ “දෙවිවරු ශබ්ද පූජාවන්ට වඩාත් කැමති නිසා කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රවල සද්දය වැඩි කලා” කියලා පූසරිවරයා කිව්වා.
ඒ පිළිතුර අනුව නඩු තීන්දුව දෙමින් මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතා කිව්වේ “දෙවියන්ට මනුෂ්‍යන්ට වඩා හොඳට කන් ඇසෙන නිසා කෝවිලේ ශබ්ද විකාශන යන්ත්‍රවල ශබ්දය වහාම අඩු කරලා දෙවියන් උදෙසා භක්තියෙන් පූජා පවත්වන්න” කියලා.