ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් බිහිවූ හොදම තරඟ අවසන් කරන්නෙක් තමයි මහේන්ද්‍ර සිං දෝනී. එ් වගේ ඔහු අති දක්ෂ නායකයෙක්. ඉන්දියාවට ලෝක කුසලාන 2 ක් දිනා දෙන්න දෝනිට පුළුවන් වුණා.
2011 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට එරෙහිව දිනාගෙන වසර 7 ක් ගත වෙද්දී දෝනිට ඉන්දීය රජයෙන් ලොකු ගෞරවයක් හිමි වුණා. ඉන්දීය රජයෙන් පිරිනමන තුන්වන ඉහළම සම්මානය වන “පද්ම භූෂන්” සම්මානයෙන් දෝනී පිදුම් ලැබුවා. එ් වගේම මේ සම්මානය ලබා ගන්න දෝනි අාවේ විශේෂ අැඳුමකින්. එ් ඔහු ගරු නිලයක් දරණ ස්වේච්ඡා හමුදාවේ නිල අැඳුමින් සැරසිලා.
උත්සවය පැවැත් වුණේ දිල්ලි අගනුවර “රාෂ්ඨපති භවන්” ජනාධිපති නිල නිවසේ. ඉන්දීය ජනාධිපති රාම්නාත් කෝවින්ද් අතින් තමයි දෝනිට මේ ගෞරව සම්මානය ලැබුණේ.
පද්ම විභූෂන් සම්මානයෙන් දෝනි පිදුම් ලැබීම ගැන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් ඔහුට සුභ පතලා තිබ්බා.”ලුතිනන් කර්නල් එම්.එස්.දෝනි! ලෝක කුසලානය දිනා ගනු ලැබීමට වසර හතක් පිරෙද්දී “පද්ම විභූෂන්” දිනා ගැනීම සම්බන්ධයෙන් ඔබට උණුසුම් ශුභ පැතුම්!” කියලා ක්‍රීඩක මොහොමඩ් කයිෆ් සුභ පතලා තිබ්බා. “ක්‍රිකට් ක්‍රීඩා විරුවාණෙනි! රාශ්ට්‍රපති භවන්හිදී ‘පද්ම විභූෂන්’ සම්මානයෙන් උපහාර ලැබීම ගැන ඔබට උණුසුම් ශුභ පැතුම්! ඔබ හමුදා නිල ඇඳුමින් සැරසී සිටිනු දැකීම ආඩම්බරයක්! ” රවි ශංකර් ප්‍රසාද් විසින් නිකුත් කරන ලද පණිවුඩයක ඒ විදියට සටහන් වෙලා තිබ්බා.
දෝනිගේ නායකත්වය යටතේ 2011 ක්‍රිකට් ලෝක කුසලානය, 2007 T20 ලෝක කුසලානය සහ 2013 දී චැම්පියන්ස් කුසලාන ඉන්දියාවට හිමිකර දුන්නා.
https://youtu.be/hojpIscZoL8