News Line| Off Air
Generic placeholder image

Apr
4

දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා සංචාරයේ කාල සටහන මෙන්න.

1636 Views


දකුණු අප්‍රිකාවේ, ශ්‍රී ලංකා සංචාරයේ කාල සටහන මෙන්න.

ශ්‍රී ලංකාවට නැවතත් ක්‍රිකට් වසන්තය උදා කරමින් දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ කාලසටහන අද නිකුත් කරා.

ටෙස්ට් තරඟ 2 කින්, එක්දින තරඟ 5 කින් සහ T20 තරඟයකින් මේ සංචාරය සමන්විතයි. ටෙස්ට් තරඟාවලිය ජූලි 12 වෙනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වෙනවා. දෙවෙනි ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ SSC ක්‍රීඩාංගනයේ.

එක්දින තරඟ 2 ක් දඹුල්ල ක්‍රීඩාංගනයේත්, තරඟ 2 ක් පල්ලෙකැලේ ක්රිදන්ගනයේත් පැවැත් වෙනවා. අවසන් එක්දින තරඟය සහ T20 තරඟය ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පවත්වන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post