අද ලග්න දෙකක් සෞඛ්‍ය තත්වය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
534 Views
අද 2018 අප්‍රියෙල් මස 05 වන බ්‍රහස්පතින්දා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.46 සිට 03.16 දක්වාද, රාත්‍රී කාලය සඳහා, අලුයම 01.41 සිට 03.10 දක්වා
සුභ දිශාව: උතුර
මේෂ ලග්නය

මනා කළමනාකරණයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ගමන් බිමන් යාමේදී අද දින ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. අන් අය සමඟ කරන වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න. දෙමාපිය හා වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08
වෘෂභ ලග්නය

කාන්තා ඔබට මැහුම් ගෙතුම් වැඩ වලට, අලංකරණ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. වියදම් තත්වය පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි. පවුලේ සාමය වැඩි වන දිනයකි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 06
මිථුන ලග්නය

කෝපයෙන් හා වෛරයෙන් යුතුව කටයුතු කිරීම ඔබට පාඩු ගෙනදෙන දිනයකි. ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ලේඛන කලාවටද සුභ දිනයකි. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. නව මිතුරන් ඇතිවන දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 06
කටක ලග්නය

ඔබට අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට වඩාත් යෝග්‍ය දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. පැවරෙන වගකීම් සාර්ථකව ඉටුකිරීමේ හැකියාව පවතින දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. කලට වෙලාවට හා වඩාත් සාර්ථකව තම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: මුතු පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

පාලන බලය නොමදව ලැබෙන ස්වාධීන තීරණ ගන්න දිනයකි. අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. නිවසක්, වාහනයක් මිලදී ගැනීමට වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

කතා ශක්තිය වෙනදට වඩා වර්ධනය වන දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද සුභ දිනයකි. නව නිර්මාණ හා කලා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. එබැවින් කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

අවශ්‍යතාවය තේරම් ගෙන කටයුතු කරන දිනයකි. අනවශ්‍ය දේ ඉවතලා ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කරගෙන යා හැකි දිනයකි. මහා පරිමාණ ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයක් වන අතර වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. අවිවාහක අයට බලවත් මංගල යෝග්‍ය ඇතිවන දිනයකි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02
වෘශ්චික ලග්නය

සත්‍ය අවබෝධ කරගෙන සාර්ථකව කටයුතු කළහැකි දිනයකි. නිරෝගී භාවය උදාවන දිනයකි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. ඔබටද නොමදව උදව් ලැබෙන දිනයකි. නිසි සලස්නුම් මත ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. තියුණු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 01
ධනු ලග්නය

අන් අයට ආදර්ශමත්ව කටයුතු කළහැකි දිනයකි. නමුත් නිතරම සන්සුන්ව වැඩ කටයුතු කරන්න. ඔබ මුදල් ගනුදෙනු වලදී නම් වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දැහැමිව හා මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 03
මකර ලග්නය

ඔබේ ධාරණ ශක්තිය අද දින වඩාත් ඉහලය. නිර්මාණ වලට නව අදහස් පහල වන දිනයකි. ඕනෑම ප්‍රශ්නයකට සාර්ථකව මුහුණ දෙන දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ඔබට කෙතරම් බාධා ආවත් ඒ සියල්ල පසෙකලා ඉදිරියටම යා හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

අප්‍රමාදව, තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. උසස් වීම් හා තනතුරු අපේක්ෂා කළහැකි දිනයකි. නිවැරදි තීරණ මත ක්‍රියාත්මක වන්න. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 01
මීන ලග්නය

විදෙස්ගතවීමට බලාපොරොත්තුවෙන් සිටි ඔබට ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට යෝග්‍ය දිනයකි. ඔබට පැවරෙන වගකීම් ඉතාම සාර්ථකව හසුරුවාගත හැකි දිනයකි. කෘෂිකාර්මික කටයුතු වල නිරත වන්නන්ට හොඳ ආදායම් ලැබෙන වඩාත් සුභ දිනයකි. වගකීමෙන් යුතුව තම වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින අතර අන් අයගේ වැඩි ගෞරවයද ලබාගත හැකි දිනයකි. සංකීර්ණ ප්‍රශ්න සරලව විසදාගැනීමට, අනිත් අයට ඒවා කියාදීමට අවශ්‍ය ශක්තිය පවතින දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා ගුරු පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829