දුර්ලභ මුවන් දෙදෙනෙක් දඩයම් කිරීමේ වරදට සුපිරි නළු සල්මන් ඛාන්ට වසර 5 ක හිර සන්දුවම් නියම වුණා. එම දඬුවම නියම වුන පසු ඔහුව ජෝද්පූර් වල සිර ගෙදරකට අරගෙන ගියා.
හැබැයි හිර ගෙදරදී පලවෙනි දවසේ රාත්‍රියේ ආහාරයට දුන්න චපාති, පරිප්පු සහ ගෝවා කන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම පහුවද උදේ ලබා දුන්න තේ කෝප්පය සහ උදේ ආහාරයත් සල්මන් එපා කියලා.
මේ විදියට දිගටම සල්මන් ආහාර ප්‍රතික්ෂේප කලොත් ඔහුගේ සෞඛ්‍ය පිරිහෙවී කියලයි ඉන්දීය මාධ්‍ය කියන්නේ. කොහොම වුනත් මේ වෙද්දී සල්මන් මේ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ.