News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
8

නෙළුම් කුළුණ පිපෙන්න තව කල් යයි.

873 Views


නෙළුම් කුළුණ පිපෙන්න තව කල් යයි.

දකුණු ආසියාවේ උසම කුළුණ මේ වෙද්දී ලංකාවේ ඉදිවෙමින් තියෙනවා. ඒ තමයි “නෙළුම් කුළුණ”. නෙළුම් කුළුණ විවෘත කරන්න තිබ්බේ මේ අවුරුද්දේ මාර්තු 31 වෙනිදා. හැබැයි අප්‍රේල් මාසය වෙලත් තාමත් විවෘත කරේ නෑ.

එම ව්‍යාපෘතියේ උපදේශක කමිටු නායක මහචාර්ය සමිත මානවඩු මහතා කිව්වේ කුළුණ විවෘත කරන්න තවත් මාස 5 ක් විතර යාවි කියලයි. එකට හේතුව වෙලා තියෙන්නේ නෙළුම් කුළුණේ පරීක්ෂණ කටයුතු තාම අවසන් නොවුන එක. ජෙනරේටර්ස්,ට්‍රාන්ෆෝමර්ස්,ෆවර් සප්ලයි,ඩිස්ක් ආදි උපකරණ සවිකර කරලා ඒවා හරියට වැඩ කරනවද බලන්න තවත් මාස 4 ක් විතර යනවා කියලයි මහාචාර්යවරයා කිව්වේ.

ජුනි 30 වෙනිදා වෙද්දී සියලුම සවිකිරීම් අවසන් කරන්න නියමිතයි. හැබැයි ජනතාවට විවෘත කරන්න නම් තවත් මස 4 ක් විතර ගත වෙනවා. ඔක්තෝම්බර්, නොවැම්බර් වෙඩි ඔබටත් නෙළුම් කුළුණට නැගලා කොළඹ අසිරිය බලන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post