News Line| Off Air| Games
Generic placeholder image

Apr
8

“Facebook එකේ දේශපාලනය බෑ. හැංගිලා ඉන්න Page ඇඩ්මින්ලා එළියට එන්න.” සකර්බර්ග් වේවැල අතට ගනී.

603 Views


“Facebook එකේ දේශපාලනය බෑ. හැංගිලා ඉන්න Page ඇඩ්මින්ලා එළියට එන්න.” සකර්බර්ග් වේවැල අතට ගනී.

Facebook එක පහුගිය කාලයේ ඉදන් නරක කල දසාවක් ලබලා තියෙන්නේ. මැතිවරණ ව්‍යාපාර සඳහා Facebook ගිණුම් හිමියන්ගේ තොරතුරු ගත්ත නිසා Facebook සමාගමට ලොකු චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. අන්තිමේදී සකර්බර්ග් තමන්ගේ අතින් වුන වරද පිළිගත්තා.

හැබැයි තාමත් හතර වටින් එන බැනුම් නම් අඩු වෙලා නෑ. මේ නිසා Facebook එකේ නීති වැඩි කරන්න සකර්බර්ග් තීරණය කරලා තියෙනවා. Facebook එකේ Page කරන ඇඩ්මින්ලාට ඉදිරියේදී තමන්ගේ අනන්‍යතාවය හෙළිකරන්න වෙනවා කියලා සකර්බර්ග් කියනවා. එහෙම නතු වුනොත් කිසිම Post එකක් පළකරන්න බැරි විදියට Page එක Block කරනවා කියලත් ඔහු කිව්වා.

මේ වෙඩි Facebook එකේ දේශපාලනය කරන එකත් වැඩි වෙලා තියෙන්නේ. ඒ අයටත් ඉස්සරහට වැඩ වරදින්නයි යන්නේ. Facebookඑකේ දේශපාලනය කරනවා නම් තමන්ගේ අනන්‍යතාවය හෙළිකරන්න ඕන කියලා සකර්බර්ග් පවසනවා. Fake Account හදාගෙන දේශපාලනය කරන්නත් ඉස්සරහට Facebook එකේ අවසර ලැබෙන්නේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post