News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ඉන්දීය සුපිරි ප්‍රහාරකයා IPL එක දෙක කරයි.

986 Views


ඉන්දීය සුපිරි ප්‍රහාරකයා IPL එක දෙක කරයි.

ඊයේ පැවති IPL තරඟ 2 දී සුපිරි ඉනිම් කිහිපයක්ම බලා ගන්න ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට පුළුවන් වුණා. ඒ වගේම IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කරන්න Kings XI Punjab කණ්ඩායමේ ලෝකේශ් රාහුල් සමත් වුණා.

Kings XI Punjab කණ්ඩායම සහ Delhi Daredevils කණ්ඩායම අතර පැවැත් වුන තරඟයෙන් කඩුලු 6 ක ජයක් ලබා ගන්න Kings XI Punjab කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න Delhi Daredevils කණ්ඩායමට පන්දුවාර 20 අවසන් වෙද්දී ලකුණු 166 ක් විතරයි ලබා ගන්න පුළුවන් වුනේ. ඒ සඳහා ඔවුන්ට කඩුලු 7 ක් වැය වුණා.

Delhi Daredevils කණ්ඩායමේ නායක ගාම්බීර් ලකුණු 55 යි. පාන්ට් ලකුණු 28 යි. මොරිස් නොදැවී ලකුණු 27 යි. මෝහිත් ශර්මා සහ මුජීබ් රහමන් කඩුලු 2 බැගින් දවා ගත්තා. ලකුණු 166 ක් හඹා ගිය Kings XI Punjab කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 කදී තරඟය ජය ගත්තා. ලෝකේශ් රාහුල් අධි වේගී ලකුණු 51 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 6 ක් සහ 6 පහර 4 ක් ඇතුලත් වුණා. කරුන් නයිර් ලකුණු 50 යි. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 24 යි. තරඟයේ වීරයා ලෝකේශ් රාහුල්.

Royal Challengers Bangalore සහ Kolkata Knight Riders අතර තරඟයෙන් Kolkata Knight Riders කණ්ඩායම කඩුලු 4 ක ජයක් ලබා ගත්තා. මුලින්ම පන්දුවට පහර දුන්න RCB කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 176 ක් ලබා ගත්තා. රෙන්දම් මැකලම් ලකුණු 43 යි. කෝලි ලකුණු 31 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ඩිවිලියස් ලකුණු 44 යි. එක් 4 පහරකින් සහ දැවැන්ත 6 පහර 5 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. මන්දීප් සිං ලකුණු 37 යි. විනේ කුමාර් සහ නිටිෂ් රානා කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල Kolkata Knight Riders කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 කදී තරඟය ජය ගත්තා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල සුනිල් නාරායන් ලකුණු 50 යි. ඒ 4 පහර 4 ක් සහ 6 පහර 5 ක් සමඟින්. නිටිෂ් රානා ලකුණු 34 යි. දිනේෂ් කාර්තික් නොදැවී ලකුණු 35 යි. ක්‍රිස් කඩුලු 3 යි. උමේෂ් යාදෙව් කඩුලු 2 යි. තරඟයේ වීරයා සුනිල් නාරායන්.


News Articles
Latest Videos
Most Popular Post