News Line| Off Air
Generic placeholder image

Apr
9

ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් දුන් ලංකාවේ අවුරුදු උළෙල. – Photo

1368 Views


ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීමක් දුන් ලංකාවේ අවුරුදු උළෙල. – Photo

අවුරුද්ද පටන් ගන්නත් කලින්ම සමහර ප්‍රදේශ වල අවුරුදු උත්සව පැවැත්ව වෙනවා. කොළඹත් ඒ වගේ දැවැන්ත අවුරුදු උත්සවයක් පැවැත් වුණා. මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව සූර්යාභිෂේකය මහා අවුරුදු උත්සවය සහ සංස්කෘතික මංගල්‍යය ඊයේ පවත් වුණා. අවුරුදු උත්සවය ආරම්භ වුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ මෙම අවුරුදු උත්සවයේ සාම්ප‍්‍රදායික අවුරුදු ජන ක‍්‍රීඩා වගේම තවත් ක්‍රීඩා රැසක් පැවැත් වුණා. ඒ වගේම සංස්කෘතික අමාත්‍යාංශය, ශ‍්‍රීි ලංකා පොලීසිය, නාවික හමුදාව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් මහා සංස්කෘතික උත්සවයකුත් පවත් වුණා. මහා සංස්කෘතික උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වුනේ කතානායක කරු ජයසූරිය මහතා.

සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය ඊයේ රාත්‍රියේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත් වුණා. ගායක ශිල්පීන් ශිල්පිණියන් රැසක් මේ මියැසි රාත්‍රිය වර්ණවත් කරා.

මේ තියෙන්නේ සූර්යභිෂේකය මහා අවුරුදු උත්සවයේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post