සාමාන්‍යයෙන් අපි සීනි නිපදවනවා කියලා දන්නේ උක් ගස් වලින්නේ. හැබැයි ඉස්සරහට ලංකාවේ මඤ්ඤොක්කා වලින් සීනි නිපදවන්න යනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වෙන ග්‍රාම ශක්ති වැඩසටහන යටතේ සීනි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න නියමිතයි.
මේ කර්මාන්ත ශාලාවේ සීනි නිෂ්පාදනය කරන්නේ මඤ්ඤොක්කා වලින්. ස්වීඩනයේ තාක්ෂණික සහයෝගය මත තමයි මේ කර්මාන්ත ශාලාව ස්ථාපිත කරන්නේ. ඒ වගේම ස්වීඩන් සහ ඉන්දීය ආයෝජකයින් මේ කර්මාන්තශාලාව ඉදිකරන්න සැලසුම් කරලා තියෙනවා.
මේ සීනි කර්මාන්ත ශාලාවට අවශ්‍ය මඤ්ඤොක්කා ලබා ගන්න මොනරාගල. ත්‍රිකුණාමලය, මඩකලපුව සහ පොළොන්නරුව මුලික කරගෙන හෙක්ටයාර 6000 ක මඤ්ඤොක්කා වගා කරන්න නියමිතයි.