ලෝකයේ වැඩිම පිරිසක් සිටිනා සමාජ ජාල මාධ්‍ය Facebook. කෝටි 200 ක පමණ පිරිසක් Facebook එකේ ඉන්නවා. ඒ වගේම දවසින් දවස ඊට එකතු වුන ප්‍රමාණයත් වැඩි වෙනවා.
හැබැයි මේ දවස් වල නම් Facebook වලට හොඳ කල දසාවක් නම් නෙවෙයි. Facebook ගිණුම් හිමියන් මිලියන 70 ක ගේ විතර තොරතුරු ඇමෙරිකානු ජනාධිපතිවරණයට හොරෙන් ලබා ගෙන තිබ්බා. ඒ නිසා මාර්ක් සකර්බර්ග්ට සෙනට් සභාව ඉදිරියේ පෙනී සිටින්න කියලා නියෝග කරා.
මාර්ක් සකබර්ග් අද සෙනට් සභාව ඉදරියේ පෙනී සිටියා. හැබැයි එහිදී ඔහුගෙන් ඇහුවේ මොනවද කියලා නම් මාධ්‍යට හෙළි කරේ නෑ. පසුව එලියට ආව සකර්බර්ග් මාධ්‍යට අදහස් දැක්වුවා. “ඒක මගේ වරදක්. මට සමාවෙන්න. මම ෆේස්බුක් ආරම්භ කළා. මම එය ක්රියාත්මක කරනවා. මෙහි සිදුවන්නේ කුමක් ද යන්න මම වගකිව යුතුයි.” කියලයි ඔහු කිව්වේ. මාර්ක් සකර්බර්ග් සමඟ ඔහුගේ බිරිඳත් අද සෙනට් සභාවට ඇවිත් සිටියා.
ෆේස්බුක් දත්ත සොරා ගැනීමෙන් බ්‍රිතාන්‍යයේ විපතට පත් එක් අයෙකුට වන්දි වශයෙන් පවුම් 12,500 බැගින් හිමි විය හැකි බව නීතිඥවරු ඊයේ ප්‍රකාශ කරා. කොහොම වුනත් තාමත් Facebook ආයතනයෙන් නම් වන්දි ගෙවීමක් ගැන සඳහන් කරලා නෑ.