News Line| Off Air| Games
Generic placeholder image

Apr
10

“තමන් වින්ද දුක ගැන අම්මලා කිව්වට තාත්තලා වින්ද දුක ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ පිට මිනිස්සුන්ගෙන්.” – ඔබේ තාත්තා ගැන ඔබ නොදත් දෙයක් සියතේ අරවින්ද කියයි. – Exclusive

7914 Views


“තමන් වින්ද දුක ගැන අම්මලා කිව්වට තාත්තලා වින්ද දුක ගැන අපිට දැන ගන්න ලැබෙන්නේ පිට මිනිස්සුන්ගෙන්.” – ඔබේ තාත්තා ගැන ඔබ නොදත් දෙයක් සියතේ අරවින්ද කියයි. – Exclusive

දෙමව්පියන්ට දරුවෙක් තරම් වටිනා සම්පතක් නෑ. දස මාසයක් කුසේ දරාගෙන ලේ කිරි කරලා අපිව උස් මහත් කරන්නේ අපේ අම්මා. ඒ නිසා අපි අම්මට ගෙදර බුදුන් කියනවා. එතකොට තාත්තා?

අම්මා වෙනුවෙන් දහස් ගණන් කවි ගී ලිව්වට තාත්තා ගැන කවියක් ලිය වෙන්නේ හරිම කලාතුරකින්.ඇයි තාත්තා අපි වෙනුවෙන් කිසි දෙයක් කරලා නැද්ද? අපිට දෙයක් තේරුම් බේරුම් වෙන කාලයේ ඉදන් ඔබ තාත්තාව දකින්නේ රළු මිනිහෙක් විදියට. ඒ නිසා ඔබ තාත්තාට වඩා අම්මට ආදරය කරනවා.

හැබැයි ඔබට අමතක වුණා ඔබ අම්මගේ බඩට ආපු දවසේ ඉඳන් තාත්තා කරපු කැපවීම. අම්මට රස කෑම ගෙනත් දීලා අම්මව පරිස්සමින් ආරක්ෂා කරේ ඔබ අම්මාගේ කුසේ ඉන්නවා කියලා දන්නා නිසා. ඊට පස්සේ ඔබ ඉපදුනාට පස්සේ ඔබට සියලුම සැප සම්පත් දෙන්න අනේක දුක් විදිනවා.

ඔබ උස මහත් වෙද්දී සමාජයේ ඉහළටම යන්න අවශ්‍ය කෙනෙක් විදියට ඔබව හදන්න තාත්තා ගන්න වෙහෙස ඔබ පෙන්නේ තාත්තා ඔබත් සමඟ තරහින් ඉන්නවා කියලා. ඇත්තටම ඔබේ තාත්තා ඔබ වෙනුවෙන් මොන තරම් දේවල් කරලා ඇත්ද?

සියතේ අරවින්දා අද ඒ ගැන හොඳ උදාහරණයක් කිව්වා. අරවින්දගේ මේ කතාව අහලා බලන්න. ඔබට තේරේවි ඔබේ තාත්තා කොච්චර ඔබට ආදරය කරලාද කියලා.ඇස් දෙක පියාගෙන අහලා බලන්න. ඔබේ ඇස් වලට කඳුළු එයි.

https://youtu.be/t99bW4Za4so


News Articles
Latest Videos
Most Popular Post