News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

ඉන්දියාවට හිමිව තිබූ සුපිරි ක්‍රිකට් කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යට. – Exclusive

680 Views


ඉන්දියාවට හිමිව තිබූ සුපිරි ක්‍රිකට් කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යට. – Exclusive

2018 ආසියානු කුසලානය පවත්වන රට ගැන ලොකු විවාදයක් තිබ්බා. ඒ ඉන්දයාවේ පවත්වන්න නියමිත වෙලා තිබ්බ ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීම පාකිස්ථානය ප්‍රතික්ෂේප කරපු නිසා. මේ නිසා ආසියානු කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්න ඉන්දියාව එකඟ වෙලා තියෙනවා.

ඒ අනුව අබුඩාබි සහ ඩුබායි නගරවල තරඟාවලිය පවත්වන්න නියමිතයි. කොහොම වුනත් ඉන්දියාව සත්කාරත්වය දක්වන්න නියමිතයි. 2018 නැගී එන ආසියානු කුසලානය පාකිස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පවත්වන්න නියමිතයි.

ඒ වගේම ආසියානු ක්‍රිකට් කුසලානයේ වාර්ෂික මහා සභා රැස්වීම ලාහෝර් නුවරදී පවත්වන්න ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. “මේ තීරණ ගත්තේ සියලු දෙනා ඒකමතිකව. සියලුම දෙනා එකඟ වුනා නැවතත් පාකිස්ථානදී ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පවත්වන්න උදව් කරන්න.ඒ නිසා තමයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහා සභා රැස්වීම පකිස්ථානයේ පවත්වන්න එකඟ වුනේ. ඒ වගේම නැඟී එන ආසියානු කුසලානයේ තරඟ කිහිපයක් පාකිස්තානයේ පවත්වන්නත් කැමති වුනා” කියලයි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සහ පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ සභාපති නජම් සෙතී කිව්වේ.

මේ සැරේ ආසියානු කුසලානය පවත්වන්නේ පන්දුවාර 50 තරඟ විදියට. ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකයින් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය සහ ඇෆ්ගනිස්ථානය මේ තරඟාවලියට කෙලින්ම සුදුසුකම් ලබනවා. එක්සත් එමීර් රාජ්‍ය, හොං කොං, නේපාලය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඕමානය යන රටවල් අතරින් ආසියානු කුසලානයට ක්‍රීඩා කරන 6 වන කණ්ඩායම තෝරා ගන්නවා. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ මුලික වටයේ තරඟ වලින්.

මෙවර පවත්වන්නේ 14 වන ආසියානු කුසලාන තරඟවලියයි. ආසියානු කුසලානයේ පළවෙනි තරඟ 12 ම පැවැත්වුවේ පන්දුවාර 50 තරඟ විදියට. හැබැයි 2016 තිබ්බ ආසියානු කුසලානය පන්දුවාර 20 තරඟ විදියට පැවැත්වුවා. නමුත් මේ සැරේ නැවතත් පන්දුවාර 50 තරඟ පවත්වන්න තීරණය කරලා තියෙනවා.

අවසන් ආසියානු කුසලාන තරඟාවලි 2 කේ දීම ජයග්‍රහණය කරේ ඉන්දියාව.


News Articles
Latest Videos
Most Popular Post