News Line| Off Air| Games
Generic placeholder image

Apr
11

මුලතිව් මුහුදේ අභිරහස සොයන්න ඇමෙරිකාවෙන් විශේෂඥයින් පිරිසක්.

1215 Views


මුලතිව් මුහුදේ අභිරහස සොයන්න ඇමෙරිකාවෙන් විශේෂඥයින් පිරිසක්.

පහුගිය කාලයේ මුලතිව් මුහුදේ විවිධ වෙනස්කම් සිද්ධ වුණා. එක අවස්ථාවක මුහුදේ ජල මට්ටම අඩි 5 ක් පමණ වැඩි වුනා කියලා මුලතිව් වැසියන් කිව්වා. තවත් අවස්ථාවක මුහුද හිටි හැටියේම රළු වෙලා මුහුදු ජලය කලු වෙලා තිබ්බා. විශාල මුහුදු නයි ප්‍රමාණයක් තවත් අවස්ථාවක ධීවරයින්ගේ දැල් වලට අහු වෙලා තිබ්බා.

මේ සිදුවීම් ගැන යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයේ පිරිසක් සහ කොළඹින් කණ්ඩායමක් ඇවිත් මුලතිව් මුහුදේ වෙනස්කම් ගැන පරීක්ෂණ කරා. හැබැයි ඔවුන්ට වැදගත් තොරතුරක් හොයා ගන්න බැරි වුණා. මේ නිසා ඇමෙරිකාවේ පරිසර හා භූගෝල වෙනස්කම් ගැන පරීක්ෂණ කරන කණ්ඩායමකට යාපනය විශ්ව විද්‍යාලය දැනුම් දීලා තියෙනවා.

ඒ අනුව එම විශේෂඥයින් කණ්ඩායම මේ දිනවල ලංකාවට ආවා. ඇමෙරිකානු භූගෝල විශේෂඥයින් පිරිස මුලතිව් අතිරේක දිසාපති කේ. තනපාලසුන්දරම්, ආපදා කළමනාකරණ නිලධාරී ගාමිණී ප්‍රියන්ත යන මහත්වරු සමඟ මුලතිව් මුහුදේ පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post