මේ වෙද්දී සිරියාව ඉන්නේ ලොකු යුද්ධයක. ඒ යුද්ධයට පෙට්‍රොල් වත්කරන වැඩක් සිද්ධ වෙන්නයි යන්නේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරි පැය 72 ඇතුලත සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා අනතුරු ඇගෙව්වා.
මේ නිසා සිරියාවට ඉහළ අහසේ පියාසර කරන සියලුම ගුවන්යානා සිරියානු අහසෙන් ඉවත් කර ගන්න කියලා අණ කරා. මේ වෙද්දී කිසිම ගුවන් යානයක් සිරියාව උඩින් පියාසර කරන්නේ නෑ.
ඒ වගේම සිරියාවට පහර දෙන්න ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ඇතුළු රටවල් කිහිපයක්ම සිරියාව වට කරලා හමුදාව ස්ථාන ගත කරලා තියෙන්නේ. කොහොම වුනත් ඇමෙරිකාවේ මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ සූදානමට එරෙහිව රුසියාව අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. ඇමෙරිකාව මිසයිල ප්‍රහාර එල්ල කලොත් මිසයිල නාශක මඟින් ඒවා විනාශ කරන්න කටයුතු කරනවා කියලයි රුසියාව නිවේදනය කරේ.
ඉදිරි පැය 72 ඇතුලත සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල වුනොත් එය තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
අද උදැසන සිරියාව අවට අහසේ ගුවන් යානා ගමන් කරන ආකාරය.