News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
12

හැරී කුමරු ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් පළිගනී.

2034 Views


හැරී කුමරු ඇමෙරිකාවෙන් සහ එංගලන්තයෙන් පළිගනී.

සාමාන්‍ය මිනිස්සු මඟුල් කනවා වගේ නෙවෙයි රාජ කුමාරවරු මඟුල් කද්දී. බොහොම සරුසාරේට, රටටම කියලා දවස් ගණනක් මඟුල් කනවනේ. හැබැයි ඊටත් වැඩ හපන් බ්‍රිතාන්‍යයේ රජ පවුලේ මඟුල් උත්සවයක්.

මුළු ලෝකෙටම පෙන්න ලෝකයේ ප්‍රභල නායකයින්ටත් කියලා බොහොම උජාරුවට මඟුල් කනවානේ. ඉස්සරහට තවත් බ්‍රිතාන්‍ය රජ පවුලේ මඟුල් උත්සවයක් එනවා. ඒ හැරී කුමරුගේ විවාහ උත්සවය. මැයි මාසේ 19 වෙනිදා තමයි හැරී කුමරු සහ ඔහුගේ පෙම්වතිය මෙගන් මාකල් විවාහ වෙන්නේ.

හැබැයි හැරී කුමරු තමන්ගේ විවාහ මංගල උත්සවයට කිසිම දේශපාලනඥයෙක්ට ආරාධනා නොකරන්න තීරණය කරලා තියෙනවා. ඒ නිසා ඇමෙරිකානු ජනපති ඩොනල් ට්‍රම්ප්ට සහ හැරිගේ මිතුරෙක් වෙන බැරක් ඔබාමාටත් විවාහ උත්සවයට එන්න වෙන්නේ නෑ. අඩුම තරමේ එංගලන්තයේ අගමැතිනි තෙරේසා සහ විපක්ෂ නායක ජෙරම්ටත් සහභාගී වෙන්න වෙන්නේ නෑ.

හැබැයි රාජකීය විවාහ උත්සවය සඳහා 1200 කට පමණ පිරිසකට ආරාධනා කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post