News Line| Off Air
Generic placeholder image

Apr
12

“මාලිංග කියන්නේ කෙලින් කතා කරන දකුණේ එකෙක්. පදක්කම් දිනලා එනකොට මල් මාලා දැම්මට වැඩක් නෑ. අල්ලපු රටේ IPL අපේ tv එකෙන් බලන්නත් බෑ.” – ක්‍රීඩා මාධ්‍යවේදියා හෙලි කළ තිත්ත ඇත්ත.

3183 Views


“මාලිංග කියන්නේ කෙලින් කතා කරන දකුණේ එකෙක්. පදක්කම් දිනලා එනකොට මල් මාලා දැම්මට වැඩක් නෑ. අල්ලපු රටේ IPL අපේ tv එකෙන් බලන්නත් බෑ.” – ක්‍රීඩා මාධ්‍යවේදියා හෙලි කළ තිත්ත ඇත්ත.

අද ක්‍රීඩාව කියන්නේ රටක සංවර්ධනයේ තවත් එක සාධකයක්. ඒ වගේම රටේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් හොඳ මාර්ගයක්. මේ නිසාම ලෝකයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙන සෑම රටක්ම ක්‍රීඩාවට ඉහළ තැනක් දෙන්නේ.

හැබැයි අපේ රටේ ක්‍රීඩාවට තියෙන තැන මොකක්ද කියන එක නම් ප්‍රශ්නයක්. තමන්ගේ මහන්සියෙන් පදක්කම් දිනලා රටට ආවම ක්‍රීඩා අමාත්‍යවරයා ඒකෙන් තමන්ගේ ගිණුමට ලකුණු දාගන්න හදනවා අපි ඔබට හෙළිකරා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය කටයුතු බාර නිලධාරියා පහුගිය දවසක මාලිංගට දොස් පවරලා Facebook සටහනක් තබලා තිබුණා.

ඔහුගේ ඒ සටහනේ අන්තර්ගත වෙලා තිබ්බේ දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා කරපු වැඩත් එක්ක බැලුවම මාලිංග කිසිදෙයක් කරලා නෑ කියලා. ඔහුගේ මේ සටහනට ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වෙන වින්දන ප්‍රසාද් කරුණාරත්න මහතා  තවත් Facebook සටහනකින් හොඳ කනේ පහරක් එල්ල කරලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සටහන.

“නිෂ්මා මේ වගේ ඒවා දැක්කහම උඹට වගේම මගෙත් ලේ පොඩ්ඩක් රත්වෙනවා. ඔව් මාලිංග ක්‍රිකට් ගහන්නේ නැති එකට ඇමතිතුමා ගෙදර යන්න ඕන තමයි. මොකද ඇමතිතුමා නිසා තමයි මාලිංග අද කණ්ඩායමේ නැත්තේ. මාලිංග කියන්නේ ලෝකේ ඉස්සරහ මේ රට ගෞරවයට පත් කරපු කෙනෙක්. ලෝකේ හොල්ලපු මේ පුංචි රට ගැන අපිට ආඩම්බරයෙන් කතා කරන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අපේ ඇමතිතුමා ළඟ මාලිංග එක්ක කරපු එස්.එම්.එස් සංවාදයක් තියෙනවා. ඔයා ඒක දැකල නැත්නම් ඉල්ලගෙන බලන්න එයා එහෙම එකක් නෑ කීවොත් ඇවිත් මාව හම්බවෙන්න. මම ඒක ඔයාට බලන්න දෙන්නම්.

මාලිංග කියන්නේ ඔයාගේ ඇමතිතුමා වගේ ඒ පැත්තේ ඉන්නකොට ගල තියෙනවා කියන්නයි මේ පැත්තේ ඉන්නකොට ගල නෑ කියන්නයි පුරුදු කෙනෙක් නෙමෙයි. ඌ එදත් කෙලින් අදත් කෙලින් කතා කරන එකෙක්. ඌ දකුණේ එකෙක් සහෝදරයා. ඔයා මේක ලියන්න ඇත්තේ ඔයා ඇමතිතුමාගේ මාධ්‍ය බාර කෙනා හැටියට ආවේගයෙන්. ලෝකයක් ආදරේ කරන රටක් බලාගෙන ඉන්න ක්‍රීඩකයෝ ගැන ඔහොම ආවේගශීලී වෙන්න කලින් හොඳට හිතල බලන්න. මාලිංග ගැන දන්න මිනිස්සු දන්නවා.
රට වෙනුවෙන් කකුල් කැඩෙනකම් පන්දු යැව්වා. එක්‌දින තරගයක පිට පිට කඩුලු 4 ක් ගත්තා..ටෙස්ට් එක්දින පන්දුවාර 20 පළමු පෙළ තරගවල කඩුලු 1000 සම්පූර්ණ කළා. මාලිංග කරපු දේවල් කතා කරන්න අපි ක්‍රිකට් ගැන මොනවද දන්නේ සහෝදරයා ??? චැම්පියන් කුසලානේ දී තීරණාත්මක උඩ පන්දුව ඇතැරපු ක්‍රීඩකයා කණ්ඩායමේ. ඒ පන්දුව යවපු මාලිංග ට කණ්ඩායමේ තැනක් නෑ .. නෑ නෙමෙයි දෙන්නේ නෑ.. මේක තමයි මේ රටේ දේශපාලනේ සහෝදරයා …
කවදාහරි මාලිංග සමුගන්න දවසට හරි මාලිංග කට ඇරපු දවසට හරි බලාගන්න පුලුවන් මේ රටේ මිනිස්සු ආදරේ මාලිංගට ද ඇමතිතුමාට ද කියල??? අපේ සමහර ක්‍රීඩකයෝ සංචිතයෙන් ඉවත් උනහම කෙත්තාරාමේ පුහුණු වෙන්න බෑ. සුද්ද එයාලව එළවනවා. රටින් ආපු එකාට එහෙම බලයක් තියෙනවා. එතකොට අපේ රටේ එකා ගෙදර මිදුලෙ ද පුහුණු වෙලා ටීම් එකට එන්න ඕන. මේ රටේ ක්‍රීඩකයෝ කී දෙනෙක් පිටරට සෙල්ලම් කරනවද.. යාපනේ ක්‍රීඩාංගන හදන්න කලින් සූරියවැව ට උන දේ හිතන්න. ලක්ෂ 200 ඒවා වියදම් කරලා සමහර ක්‍රීඩාංගනවල වැටවල් හදනවා. ක්‍රීඩා සමාජ තරගවල ක්‍රීඩකයින්ට අඩුම ගණන් ගෙවන්නේ ලංකාවේ. ඒ නිසා මෙහේ ක්‍රීඩකයෝ රටින් පිට ගිහින් සෙල්ලම් කරනවා…කෝ මේවා හදන වැඩ පිළිවෙළක්..? පිහිනුම් තටාකයක් නැති.. ඩෝමෙට්‍රි නැති.. හරි ඉන්ඩෝ එකක් නැති ලෝක කුසලාන දිනපු වැස්සට ක්‍රිකට් ගහන්නේ නැති රටක් සහෝදරයා මේක…ඒක ඇමතිතුමා දන්නවද ??? අනික සහෝදරයා ඔයා ඇමතිතුමාට පීතෘත්වය ආරෝපණය කරන්න හදනවා. මේ අද අපි ඕස්ට්‍රේලියාවේ දී පදක්කම් ලබන්නේ ඇමතිතුමාගේ වැඩවල ප්‍රතිඵල කියල හිතන්න කලින් සහෝදරයා ගිහින් අහන්න ඇමතිතුමාගෙන් ඒ පදක්කම් දිනපු ක්‍රීඩකයින්ට සුබ පැතුවේ පදක්කම් දිනලා දවස් කීයකට පස්සෙ ද කියලා.

ඒ පදක්කම් දිනපු ක්‍රීඩකයෝ යන්න කලින් දවස් කීයක් ඇමතිතුමා හම්බවෙලා කතා කලාද ?අඩුපාඩු හොයල බැලුවද? ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල්, දිනුෂා ගෝමස්, අනුෂා කොඩිතුවක්කු ගැන දැනගෙන හිටියද?ඩයන් ගෝමස් වගේ මිනිස්සු නිසා අද මේ රටට පදක්කම් ලැබෙනවා. ඒ මිනිස්සු මේ ක්‍රීඩකයෝ බලාගත්ත අතින් සල්ලි වියදම් කරලා. මේ ළමයි රට යවල පුහුණු කළා. මේවා පස්සේ තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ දාඩිය කඳුළු…චින්තන ගීතාල් විදානගේ ගෙන් අහන්න ඇමති තුමා දවස් කීයක් කතා කරලා දුක සැප අහල ඕන දේවල් කරලා දුන්නද කියලා සහෝදරයා. නිශ්මන් රණසිංහ කියන්නේ මේ රටේ ගමෙන් ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගෙදර නවත්තගෙන කන්න බොන්න දීල පුහුණු කරපු පදක්කම් දිනවපු මිනිස්සු.

ඒවා කලේ ක්‍රීඩාවට ආදරේට මිසක් රට ගැන කැක්කුමට මිසක් සල්ලි වලටවත්.. සල්ලි තියෙන නිසාවත් නෙමෙයි. ඇමතිතුමා මේ අවුරුදු 3 ට කරපුවගේ ප්‍රතිඵල කියල ඔයා අදහස් කරන්නෙ මොනවද? සුගතදාස ධාවන පථය හැදුවහම මුළු මළල ක්‍රීඩාවේම ප්‍රශ්න ඉවරද??

එතකොට මේ රටේ ක්‍රිකට් නායකයා ඇන්ජෙලෝ මැතිව්ස් වගේම රංගන හේරත් හිටපු වේග පන්දු පුහුණුකරු අනුෂ සමරනායක එෆ්.සි.අයි.ඩී යන්නේ අපේ රටට ජාත්‍යන්තර බැඩ්මින්ටන් සංගමයෙන් තහනමක් පැනවෙන්නේ වැඩිම ක්‍රිකට් නායකයෝ ගානක් පත් වෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාoගනේ හදාගෙන ගියපු පිහිනුම් තටාකේ වහල රථ ගාලට ඉඩතියාගන්නේ එහෙම උනේ පහුගිය අවුරුදු 3 ඇතුලේ නෙමෙයිද??? මහේල, සංගා, අරවින්ද ඇවිත් සාකච්ඡා කරපු ක්‍රිකට් සැලැස්ම කෝ ?? අපේ රටට ඇවිත් බංගලාදේශ ක්‍රීඩකයෝ නරක විදියට හැසිරුනා. ක්‍රීඩාගාරයේ වීදුරු බින්දා. කවුද කණගාටුව ප්‍රකාෂ කලේ ??? එක මධ්‍ය නිවේදනයක් එව්වද?.සි. ටීවී එකේ එහෙම මුකුත් නෑ කියන්න තරම් අපි ලැජ්ජාවක් නැති මිනිස්සු උනා…

ඔය මතක ඒවා ටිකක් විතරයි. දිනලා එනකොට ගිහින් මල් මාලා දාල වැඩක් නෑ. මේ රටේ ක්‍රීඩකයෝ රැක බලාගන්න කෙනෙක් නෑ. වැඩ පිළිවෙළක් නෑ. නදීෂාන් උඹ කිව්වා වගේ උඹ අපි දැකපු සුසී ල දර්ශා, සුගත්, ශ්‍රීයන්ත, චින්තක, ජුලියන් චමුගම් කරුණාරත්න ලා දම්මිකා මැණිකේ මතකයක් විතරයි. දැන් එහෙම උන් හොයාගන්න ඉස්සරහට ගෙන්න තියෙන ක්‍රමවේදය මොකක්ද ?? අදට වඩා තාක්ෂණය නොදියුණු කාලෙක අපි තරග බැලුවා මට මතකයි. සුසන්තිකා දුවපු තරගයක් බලන්න රූපවාහිනියට ඒ පහසුකම් හදලා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු මාධ්‍ය කළමනාකරු සමන්ත අල්ගම අද අපේ මිනිස්සුන්ට අපේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා බලන්න විදියක් නෑ. පදක්කමක් දිනනවා බලන්න ඒ ක්‍රීඩක ක්‍රිඩීකාවන්ගේ අම්ම තාත්තට වාසනාව නෑ…ලෝකේ ජනප්‍රියම ක්‍රිකට් තරගාවලිය අයි.පි.එල් බලන්න බෑ.

අපි පුදුම අවාසනාවන්ත ජාතියක්. මේ රටේ මිනිස්සු මේ රටේ දේශපාලනය තරම් කුහක නෑ මිත්‍රයා..මේක තමයි ඇත්ත..ඇත්ත දැන දැන සුදු හුණු ගාන්න ඇත්ත දන්න මිනිස්සු ලෑස්ති නෑ. එහෙම මිනිස්සු කුහකයෝ ගානට දාන්න එපා මේක දේශපාලනය නෙමෙයි. ඇත්ත තිත්ත තමයි සහෝදරයා එත් ඒක තමයි ඇත්ත…”

– වින්දන ප්‍රසාද් කරුණාරත්න –

 

මේ තියෙන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මාධ්‍ය කටයුතු බාර නිලධාරියා තියපු සටහන.


News Articles
Latest Videos
Most Popular Post