අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාල කාලසීමාව තුල ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවඑම නිවේදනයේ දැක්වෙනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය කරල තියෙනවා.
පවතින තත්වය මත අකුණු අනතුරු අවම කර ගැනීමට ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙසත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවක ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ 117 දුරකත අංකය භාවිතා කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මේ තියෙන්නේ අද හවස 1ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුක් කල නිවේදනය.