News Line| Off Air
Generic placeholder image

Apr
13

අලුත් අවුරුදු නැකත් හරියටම කලොත් ඔබට ලැබෙන දේවල් මෙන්න.

803 Views


අලුත් අවුරුදු නැකත් හරියටම කලොත් ඔබට ලැබෙන දේවල් මෙන්න.

ජ්‍යෙතිෂයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම සිංහල අලුත් අවුරුද්ද විදිහට හඳුන්වනවා.

වසර දහස්‌ ගණනක ඉතිහාසයේ සිට පැවත එමින් අපට උරුමව ඇති සංස්‌කෘතික හා කලා උරුමයක දායාදයන්වන මේ මහා සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද නැකත් හා චාරිත්‍ර වාරිත්‍ර මුල් වූ සමයක්‌වන අතර එම කාලය තුළ අප විසින් නැකතට අනුගමනය කරන සුවිශේෂී චාරිත්‍ර 07ක්‌ තියෙනවා. සුබ නැකත් අනුව එකී චාරිත්‍ර ඉටුකිරීම තුළ මනුෂ්‍යයාට අත්වන ප්‍රතිඵල මේ විදිහට දක්වන්න පුළුවන්.

නව සඳ බැලීම
සෞභාග්‍යයේ හා සෞම්‍යත්වයේ සංකේතය හෙවත් ප්‍රතිමූර්තියවන නව සඳ බැලීම පළමු චාරිත්‍රයවන අතර අවුරුදු උදාවත් සමඟ දර්ශනයවන සඳ බැලීමෙන් චිත්ත සෞම්‍යය මෙන්ම නිරෝගී භාවයත් දීර්ඝායුෂත් හිමි වෙනවා.

පරණ අවුරුද්ද සඳහා ස්‌නානය
ආයුර්වේදය එක්ක බැඳී පවතින මෙම චාරිත්‍රය ඉටුකිරීමෙන් ශරීරයේ පිරිසිදු බව ඇති වී සිසිලස ඇති වෙනවා. ස්‌නායුවල ප්‍රාණවත් බව ඇති වෙලා නිරෝගී භාවය වගේම රූ සපුව වැඩි වීමටත් හේතු වෙනවා.

පුණ්‍ය කාලය හෙවත් ආගමික වතාවත් ඉටු කිරීම
නොනගතය හෙවත් නැකත් නොමැති මෙම කාලය පිං දහම් කිරීමට වෙන් වූ කාලයයි. ආගමික වතාවත්වලට මුල්තැන දී බුදුන් දහම් සඟුන් වන්දනාමාන කර පූජ්‍ය පක්‍ෂයේ අවවාද, අනුශාසනා සහ ආශිර්වාදය ලබා ගැනීම තුළ මානසික අවිවේකයෙන් මිදී මනස නිරවුල්ව සැහැල්ලුවෙන් තබාගත හැකි වෙනවා.

ළිප ගිනි දැල්වීම හා ආහාර පිසීම
ආහාර යනු අපගේ ජීවිතයේ මූලික අවශ්‍යතාවලින් එකක්. නැකතට ගිනි මොළවා කිරිබතක්‌ පිස ගැනීම මෙහි දී සිදුවන අතර කිරිබත් යනු සියලු සුබ කටයුතු සඳහා සාදා ගන්නා ඉතා පෝෂ්‍යදායී ආහාරයක්. සෞඛ්‍යාරක්‌ෂිත පෝෂ්‍යදායී ආහාර නිරෝගී සහ යහ පැවැත්ම උදෙසා වැදගත් වෙනවා.

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා අනුභවය
ජීවිතයක පැවැත්මට ජීවනෝපාය ඉතාමත් වැදගත්වන අතරම එය නව වසරේ සශ්‍රීකත්වයට මෙන්ම සාර්ථකත්වයට බෙහෙවින් බලපානවා. ගෘහ මූලිකයා තමන්ට අදාළ කටයුත්ත ද ගෘහණිය ළිඳ සමග ගනුදෙනු කිරීම දරුවන් තම පොත් රැගෙන ඉගෙනීමේ කටයුතුවල යෙදීම ද යහ පැවැත්මට මහෝපකාරීවනු වෙනවා.

හිස තෙල් ගෑම
මෙම චාරිත්‍රය ද ආයුර්වේදය හා බැඳී පවතින ප්‍රධාන අංගයක්‌වන අතර ආයුර්වේද විද්‍යාවට හා ජ්‍යෙතිර්වේදයට අනුව හිසට හා පයට නියමිත ඖෂධ පත්‍ර තබා නැකතට හිස තෙල් ගෑමෙන් ශරීරයක පවතින රෝගාබාධ දුරු වී දීප්තිමත් සිරුරකට හිමිකම් කීමේ හැකියාව ඇතිවෙනවා.

නව වසරේ සුබ නැකතට රැකී රක්‌ෂා සඳහා පිටත්වීම
උදා වූ නව වසරේ සුබ නැකතින් තම රැකීරක්‌ෂා කටයුතු සඳහා පිටත් ව ගොස්‌ රාජකාරී කටයුතුවල නියෑළීමෙන් රැකියා දියුණුවට පත් වේ. නිරවුල් මනසින් තම රාජකාරී කටයුතු කිරීමට හැකිවීම හේතුවෙන් තම යහපතට එය මහත් රුකුලක්‌වනු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post