ඉන්දියාවේ 65 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන ලැබූ නම් මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා. මේ උළෙලේ සම්මාන ලැබූ නම් අතර පහුගිය මාසයක මියගිය ශ්‍රී දේවිගේ නමත් තියෙනවා. ඒ හොඳම නිළිය සම්මාන වෙනුවෙන්. ඇය අවසන් වරට රංගනයෙන් දායක වුන MOM චිත්‍රපටයට තමයි මේ විදිහට හොඳම නිළිය සම්මානයයට ලැබිල තියෙන්නේ. හොඳම නළුවා විදිහට සම්මානය අරගෙන තියෙන්නේ රිද්ධි සෙන්. ඒ ඔහු රංගනයෙන් දායක වුන Nagarkirtan කියන චිත්‍රපටය වෙනුවෙන්. ජනප්‍රියම සහ හොඳම දෘශ්‍ය ප්‍රයෝග සහිත චිත්‍රපට සම්මානය අරගෙන තියෙන්නේ Baahubali 2 චිත්‍රපටය.
මේ තියෙන්නේ සම්මාන ලැබුවන්ගේ සම්පුර්ණ විස්තර:
හොඳම නිළිය – ශ්‍රී දේවි (MOM චිත්‍රපටය)
හොඳම නළුවා – රිද්ධි සෙන් (Nagar Kirtan චිත්‍රපටය)
හොඳම අධ්‍යක්ෂණය – ජයරාජ් (Bhayanakam චිත්‍රපටය)
හොඳම චිත්‍රපටය – Village Rockstars (Assamese)
හොඳම සටන් අධ්‍යක්ෂණය – Baahubali 2: The Conclusion
හොඳම නර්ථන අධ්‍යක්ෂණය – ‘Toilet Ek Prem Katha’ චිත්‍රපටයේ ‘Gori Tu Latth Maar’ ගීතය
හොඳම විශේෂ ප්‍රයෝග – Baahubali 2: The Conclusion
හොඳම සංගීත අධ්‍යක්ෂණය – A.R රහ්මාන් (Katru Veliyidayi චිත්‍රපටය)