News Line| Off Air
Generic placeholder image

Apr
14

“මා ගැන බොරුවට හරි ඔය වගේ දෙයක් පළවුණාම මගේ දෙමාපියන්ගේ මානසික තත්ත්වය මොනවගේද කියලා හිතන්න.” – ඉමේෂාන් මියගියා කියපු අයට සැර උත්තරයක්.

677 Views


“මා ගැන බොරුවට හරි ඔය වගේ දෙයක් පළවුණාම මගේ දෙමාපියන්ගේ මානසික තත්ත්වය මොනවගේද කියලා හිතන්න.” – ඉමේෂාන් මියගියා කියපු අයට සැර උත්තරයක්.

මීට දවස් කීපයකට කලින් අන්තර්ජාලය පුරා පැතිර ගිය පුවතකින් කියැවුණේ “ඉමේෂාන් හදිසි අනතුරකින් මිය ගොස්” තියෙනව කියලයි. කොහොම වුනත් මේ මරණය ටෙලි නාට්‍යයක ජවනිකාවක් මිස ඇත්ත සිදුවීමක් නෙවෙයි කියලයි පස්සේ තහවුරු වුනේ. ටෙලි නාට්‍යය වගේම ගීත රූප රචනා ජනප්‍රිය කරවීම මේ වගේ පුවත් අන්තර්ජාලයේ පළ කිරීම සාමාන්‍ය දෙයක්. ඒත් අදාළ සිදුවීම ගැන ඉමේෂාන් පළකර තිබුණේ වෙනත් අදහසක්. ඔහු කලකිරීමකින් යුතුව තම අදහස් දක්වා තිබූ විදිය අනුව මෙම මරණය සම්බන්ධ පුවත ඔහුට සතුරු සිතින් කවුරු හරි කරපු දෙයක්ද කියන සැකයක් බොහෝ දෙනා තුළ මතු වෙලා තියෙනවා. මේ සියලු කරුණු ගැන අහන්න කාලෙකට පස්සේ ඉමේෂාන් සති අන්ත පුවත්පතකට සාකච්ඡාවක් දීලා තිබ්බා. මේ තියෙන්නේ ඒ සාකච්ඡාව:

පසුගිය දවස්වල අන්තර්ජාලය පුරා සැරිසැරූ උණුසුම් පුවතක් වුණේ හදිසියේ ඔබ මිය ගිය බවයි. ඇත්තටම මේ අසත්‍ය පුවත නිර්මාණ වුණේ කොහොමද?

එය ටෙලි නාට්‍යයක ජවනිකාවක් විතරයි. ඒ ටෙලි නාට්‍යයේ හැටියට මම මිය යනවා. ඒ දර්ශනය රූගත කළ අවස්ථාවේ ගත් ඡායාරූප තමයි ඔය විදියට පළ කරලා තිබුණේ.

ඔබ මියගිය බවට පුවත සඳහන් කරලා අදාළ ඡායාරූපවලට යටින් කුඩාවට සඳහන් කර තිබුණා මෙය ටෙලි නාට්‍යයක ජවනිකාවක් බවට. ඇත්තට ටෙලි නාට්‍යයක් ප්‍රචාරය වෙනුවෙන්ද මෙවැන්නක් කළේ?

නැහැ, මෙය ටෙලි නාට්‍යය කණ්ඩායම කළ දෙයක් ‍නෙවෙයි. ඔය පුවත අන්තර්ජාලයේ පළ වුණාට පස්සේ අදාළ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂවරයා මට කෝල් කරලා කිව්වා “මේක දැක්කම පත්තරවලින් කතා කරයි. දැන්මම ටෙලි නාට්‍යයේ නමවත් හෙළි කරන්න එපා” කියලා. ඒ හින්දා ඔය ජවනිකා ඇතුළත් ටෙලි නාට්‍යයේ නමවත් මට හෙළි කරන්න බැහැ.

එතකොට කවුද මේ වගේ දෙයක් කළේ?

මම හිතන්නේ ඇතැම් අන්තර්ජාල වෙබි අඩවි තමයි මේ වගේ දෙයක් කරලා තියෙන්නේ. මේ වගේ දේවල් පළවුණාම ඒ අයගේ වබේ අඩවිවලට වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඒ නිසයි ඒ අය මේ වගේ දේවල් කරන්නේ.

ඒත් ඉතින් මේ විදියේ පුවත් පළ වුණාම නළු නිළියන්ගේ ජනප්‍රියතාවයත් වැඩි වනවා නේද?

ඔව්, ඒ විදිහේ වාසියකුත් තියෙනවා තමයි.

ඒත් ඔබ අදාළ සිදුවීම ගැන ඔබේ මතය සඳහන් කළේ කලකිරීමෙන්. ඔබට අසාධාරණයක් වී ඇති බවයි ඉන් හැඟෙන්නේ.

මා ගැන බොරුවට හරි ඔය වගේ දෙයක් පළවුණාම මගේ දෙමාපියන්ගේ මානසික තත්ත්වය මොනවගේද කියලා හිතන්න. දුර පළාත්වල ඉන්න නෑදෑ හිතවතුන් පවා මේක දැකලා තිබුණා. මම මිය ගියා කියන හෙඩිම ලොකුවට දාලා මිය ගිය ඡායාරූප පෙළක් දාලා ඊට යටින් කුඩාවට සඳහන් කර තිබුණා මෙය ටෙලි නාට්‍යයක ජවනිකාවක් බව. හෙඩිම බලන හැමෝම ආටිකල් එක කියවන්නේ නැහැනේ. හෙඩිම බලලා පින්තූර බලලා කලබල වෙලා සමහර නෑදෑයෝ අපේ ගෙදරට කෝල් කළා. ඔය සියල්ලටම වඩා මට හානියක් වුණේ “ජනප්‍රිය වන්න හිතාමතාම මේ වගේ දේවල් පළ කරනවා නේද?” කියලා සමහරු මගෙන් අහන නිසයි. ඒ හින්දයි මම අර වගේ අදහසක් පළ කළේ. ඒත් මම ගොසිප් වබේ අඩවි එක්ක අමනාප නැහැ.


News Articles
Latest Videos
Most Popular Post