News Line| Off Air
Generic placeholder image

Apr
14

ස්කොට්ලන්තයෙන් දුර්ලභ ඩයිනසොර් පා සළකුණු 02ක් සොයාගැනේ. (PHOTOS)

2026 Views


ස්කොට්ලන්තයෙන් දුර්ලභ ඩයිනසොර් පා සළකුණු 02ක් සොයාගැනේ. (PHOTOS)

ජුරාසික් යුගය කියන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් තිබුන යුගයක්. විශාල ප්‍රමාණයේ සත්වයින් මේ යුගයේදී ජිවත් වුනා. ඩයිනසොර් කියල තමයි උන්ව හැඳින්වූවේ. ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති වෙන දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් හොයාගෙන තියෙනවා. මේ හොයාගැනීමත් එක්ක මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් කරගන්න පුළුවන් කියලයි විද්‍යාඥයෝ කියන්නේ. එඩිම්බරෝ සරසවියේ සහ චීන විද්‍යාත්මක ඇකඩමියේ පර්යේෂකයන් පිරිසක් විසින් තමයි මේ සොයාගැනීම කරලා තියෙන්නේ.

ස්කේයි දූපතේ තිබී මීට අවුරුදු මිලියන 170කට එපිට යුගයට අයත් යැයි සැලකෙන ඩයිනෝසර් පා සළකුණු 50 ක් පමණ ඔවුන් හොයාගෙන තියෙනවා.

දූපතේ බ්‍රදර්ස් පොයින්ට් ලෙස හැදින්වෙන ස්ථානයේ කලපුවක තමයි මෙම පා සළකුණු තිඉල තියෙන්නේ. විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මේවා ඩයිනෝසරයින් දෙදෙනකු විසින් තැබූ සළකුණු බවයි.

ඩයිනෝසරයින් සහයෝගයෙන් වාසය කළ ආකාරය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් මවාගැනීමට මේ සොයාගැනීම උපකාර වන බවයි විද්‍යාඥයෝ කියන්නේ.

එක් පා සළකුණක් කාර් රෝදයක් තරම් විශාල වන අතර මෙම සතුන් ටොන් 10ක් පමණ බරින් හා මීටර් 15ක් පමණ දිගින් යුතු වන්නට ඇති බවට විශ්වාස කරනවා.


News Articles
Latest Videos
Most Popular Post