ඩොනල්ඩ් ට්‍රම්ප් කියූ දේ කරයි. රුසියාව එපා කියද්දී සිරියාවට අහසින් පහර දෙයි.
1059 Views
මේ වෙද්දි ලොව බලවත්ම රටවල් කිහිපයක් තමන්ගේ බල පුලුවන්කම් පෙන්නන්න පටං අරං. ලොව බලවත්ම රාජ්‍ය විදිහට හදුන්වන ඇමෙරිකාව එක්සත් රාජධානිය හා ප්‍රංශය හා එක්ව සිරියාවට පහර දෙන්න පටං අරං. ඒ සිරියාවට මිත්‍ර ඉරානය වගේම රුසියාවත් එපා එපා කියද්දියි.
පහුගිය දවසක සිරියාවේ ප්‍රදේශයකට විශ රසායනික අවි ප්‍රහාරයක් එල්ල වුණා. ඒත් සමග ඇමෙරිකාවේ ජනපති ට්‍රම්ප් සිරියාවට ඉහළින් ගුවන් ගමන් තහනම් කරමින් පැය හැත්තෑ දෙකක් ඇතුලත සිරියාවට පහර දෙන බව පැවසුවා.
ඒ අනූව ප්‍රංශය සහ එංගලන්තයත් එක් කරගෙන ඇමෙරිකාව සිරියාවේ ප්‍රදේශ දෙකකට ගුවනින් පහර දුන්නේ.
මේ ඉලක්ක දෙකේම රසායනික අවි ගබඩා සහ පරීක්ෂණාගාර තියෙනවා කියලයි ඇමෙරිකාව කියන්නේ. ජනපති ට්‍රම්ප් මීට පැය ගණනාවකට කලින් ධවල මන්දිරයේ සිට මේ ප්‍රහාර සදහා අණ ලබා දී පසුව ජනතාව අමතමින් කියා සිටියේ මේ වෙද්දි අපි සිරියාවට පහර දෙනවා කියායි.
කෙසේ වෙතත් ඉදිරියටත් රසායනික අවි භාවිතය සහ නිපදවීම නවතන තෙක් මෙලෙස සිරියාවට පහර දෙන බව ට්‍රම්ප් කියා සිටියා.