News Line| Off Air| Games
Generic placeholder image

Apr
16

“ඔලිම්පික් යන්න බලාපොරොත්තුවක් නෑ. තව අවුරුදු දෙකක්වත් මම ක්‍රීඩා කරන්නේ නෑ.” – පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී මේරි කොම් හා සටන් වැදුණු අනුෂා කොඩිතුවක්කු ලංකාවට ඇවිත් කිව්ව කතාව.

454 Views


“ඔලිම්පික් යන්න බලාපොරොත්තුවක් නෑ. තව අවුරුදු දෙකක්වත් මම ක්‍රීඩා කරන්නේ නෑ.” – පොදුරද මඬුලු ක්‍රීඩා උළෙලේදී මේරි කොම් හා සටන් වැදුණු අනුෂා කොඩිතුවක්කු ලංකාවට ඇවිත් කිව්ව කතාව.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පහුගිය දා අවසන් වුණා. ඉතිහාසයේ ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත් අවස්ථාව විදියට මෙවර ක්‍රීඩා උළෙල ඉතිහාසගත වුණා. රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා ගන්න මෙවර ලංකාවට හැකි වුණා.

ඒ වගේම පළවෙනි වතාවට පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී කාන්තා බොක්සිං පදක්කමක් දිනා ගන්න ලංකාවට පුළුවන් වුණා. ඒ පදක්කම දිනා ගත්තේ ලංකාවේ බොක්සිං ශුරී අනුෂා කොඩිතුවක්කු. අවසන් පූර්ව වටයේදී අය සටන් වැදුනේ ලෝක ශූරී මේරි කොම් සමඟ.

පදක්කම් දින ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද ලංකාවට පැමිණියා. ඒ අවස්ථාවේදී අනුෂා මාධ්‍යට අදහස් දැක්වුවා. “මේ පදක්කම් දින ගන්න ලැබුන එක ලොකු වාසනාවක්. මේ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා.” කියලයි ඇය කිව්වේ. අනුෂාගේ මීළඟ බලාපොරොත්තුව ඔලිම්පික් යන එකද කියලා මාධ්‍යවේදීන් ඇහුවා. “මට ඔලිම්පික් යන්න බලාපොරොත්තුවක් නෑ. තව අවුරුදු 2 ක් වත් මම ක්‍රීඩා කරන්නේ නෑ.” කියලයි අනුෂා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post